Jisooගේ රංගනයට ලැබෙන ගල් මුල් අතරේ Seo In‑Gukගෙන් මල් මිටක්…

කොරියානු නව ටෙලිනාට්‍යයක් වන Boyfriend on Demand පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා.

K-Pop ගායිකාවක ලෙස ලොවපුරා ජනප්‍රියත්වයට පත්වූ BLACKPINK කණ්ඩායමේ සාමාජිකාවක් වන Jisoo එහි ප්‍රධාන චරිතය රඟපාන අතර ඇයගේ රංගනයට ඇතැම් ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර එතරම් හොඳ නැහැ.

මෙම නිර්මාණයේ ප්‍රධාන නළුවා වන Seo In‑Guk, තම සම රංගන ශිල්පිනිය වන Jisoo ගැන ප්‍රශංසා පළ කරමින් ඇය එම චරිතයට “සම්පූර්ණයෙන්ම ගැළපෙන” නිළියක බව සඳහන් කර ඇත්තේ එවැනි පසුබිමකය.

රූගත කිරීම් අතරතුර Jisoo සෙට් එකේ සජීවී වාතාවරණයක් ඇති කරමින් කණ්ඩායමට ධනාත්මක ශක්තියක් එක් කරන බව ඔහු කියා තිබෙනවා. එමෙන්ම ඇය චරිතය තුළ ස්වභාවිකවම ජීවත් වීම නිසා කතාව වඩාත් විශ්වාසනීය වී ඇති බවයි ඔහු පවසන්නේ.

කෙසේවෙතත් සමාජ මාධ්‍යවල Jisooගේ රංගන කුසලතාව පිළිබඳ විවිධ අදහස් පළවෙමින් පවතී. සමහර ප්‍රේක්ෂකයන් ඇයගේ රංගනය පිළිබඳ විවේචන ඉදිරිපත් කළද තවත් පාර්ශවයක් ඇයගේ පෙනුම හා තිරයේ ආකර්ෂණීය පැවැත්ම පිළිබඳ ප්‍රශංසා කර තිබෙනවා.

කවර විවේචන එල්ල වුවද Jisoo, රංගන ක්ෂේත්‍රයේ ද තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගැනීමට උත්සාහ දරමින් සිටීම කැපී පෙනෙන සිදුවීමකි.

විචාරකයන් සඳහන් කරන්නේ මෙම ටෙලිනාට්‍යය නිකුත් වීමත් සමඟ ඇයගේ රංගනය පිළිබඳ විවේචන හා ප්‍රශංසා දෙකම තවදුරටත් වැඩිවනු ඇති බවයි.

Latest News

error: Content is protected !!