BTS ලෝක සංචාරයට ඉංග්‍රීසි ගායකයින් සම්බන්ධ කර ගැනීම පිළිබඳ ලීක් වූ තොරතුරු නිසා රසිකයින් කැළඹේ

BTS නවතම ඇල්බමය වන ARIRANG එළිදැක්වීමට පෙර සිටම ජනතාව අතර දැඩි කතාබහක් නිර්මාණය කිරීමට සමත් වුණා.

නව ඇල්බමය සමඟ ලෝකය පුර සංචාරය කරමින් BTS යළිත් ප්‍රසංග පැවැත්වීමට කටයුතු කිරීමේ පුවත ලෝකය පුරා ඔවුන්ගේ රසිකයන් උන්මාදයට ලක් කළ පුවතකි.

මේ අතර ඔවුන්ගේ ARIRANG ප්‍රසංග මාලාව පිළිබඳ රහසිහත තොරතුරු කාන්දුවීමක් හේතුවෙන් BTS Army ලෙස ද හැඳිවෙන ඔවුන්ගේ රසිකයින් අතර විවිධ ප්‍රතිචාර ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.

Leak වූ තොරතුරු අනුව HYBE සමාගම ඇල්බමයේ නව ගීත කිහිපයට විදෙස් ගායකයින්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. ලෝක සංචාරය වඩාත් ආකර්ශනය කර ගැනීමට එය උපකාර වනු ඇතැයි සමාගම විශ්වාසය පළ කර තිබෙනවා.

ඒ අතර ඉංග්‍රීසි සංගීත කලාකරුවන් වැනි Sabrina Carpenter, Halsey, සහ තවත් විශාල නමක් ලෙස Megan Thee Stallion, Swae Lee, Laufey, NIKI වැනි අය සහභාගී කර ගැනීමටයි සමාගමේ අවධානය යොමු වී ඇත්තේ.

එහෙත් රසිකයින් ඒ සඳහා වැඩි කැමැත්තක් නොමැති බව ඔවුන් ලබා දෙන ප්‍රතිචාරවලින් පෙනී ගොස් තිබෙනවා. සම්ප්‍රාදායිකත්වය එකමුතුවීම වැනි තේමාවක් සහිත ARIRANG සඳහා ඉංග්‍රීසි ගායකයින් නොගැළපෙන බවයි ඔවුන් පවසා ඇත්තේ.

Latest News

error: Content is protected !!