රජය මැදිහත්වීමෙන් හෝ නෙගිටිව් ප්‍රතිචාර නතර නොකළොත් අනාගතයට ක්‍රිකට් ක්‍රියලා දෙයක් නැති වේවි… දසුන් ශානක

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මේ වන විට වර්ධනය වෙමින් තිබෙන සෘණාත්මක පසුබිම රජය මැදිහත්වීමෙන් හෝ නතර කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

එසේ නොකළහොත් අනාගතයට ක්‍රිකට් ක්‍රීඩාවක් ඉතිරි නොවනු ඇති බවයි ඔහු පවසන්නේ.

දසුන් ශානක පවසා ඇති අදහස් මෙසේය.

“ගොඩක් වෙලාවට අපට අහන්න දකින්න ලැබෙන්නේ නෙගිට්ව් දේවල්. ක්‍රීඩකයෝ විදියට අපි කොච්චර පොසිටිව් වුණත් වැඩක් නැහැගොඩක් වෙලාවට අපට අහන්න දකින්න ලැබෙන්නේ නෙගිට්ව් දේවල්. ක්‍රීඩකයෝ විදියට අපි කොච්චර පොසිටිව් වුණත් එළියෙන් ක්‍රියේටිව් කරලා තියෙනවා නෙගිටිව් එන්වයර්මන්ට් එකක්. ඒක හරි පාඩුවක් ලංකාවේ ක්‍රිකට්වලට.

මේක විතරයි ක්‍රීඩාවක් කියලා තියෙන්නේ. මම හිතන්නේ නැහැ මේකත් රැකගන්න පුළුවන් කියලා. අද මැච් එක ඉවරවෙලා යනකොට බලන්න පුළුවන් වෙයි කී දෙනෙක් මයික් අල්ලගෙන ඉන්නව ද කියලා. සමහර වෙලාවට බලලාත් නෙවෙයි. අපටත් කට්ටිය එවනවා. ඇයි නෙගිටිවිටි එක මෙච්චර පතුරවන්නේ.

හරි එකක් පැරදුණා. හැමෝටම සැලකිලිමත් විය යුතු දේ තියෙනවා. ඒවා කතා කරලා හොඳ පැත්ටට හරවගන්නවට වැඩිය නෙගිටිවිටි කියන එක සෑහෙන්න ඉස්සරහට ඇවිත් තියෙනවා. මම හිතනවා අපි ක්‍රීඩා කරලා යයි. ඉදිරියට එන ක්‍රීඩකයින් සපෝර්ට් එකටවත් ගවර්මන්ට් එකෙන් හරි ඒ දේවල් නවත්වනවා නම් මානසික සුවයට ඒක පහසුවක් වෙයි කියලා මම විශ්වාස කරනවා.”

Latest News

error: Content is protected !!