VIROSH ලෙස ප්‍රසිද්ධ විජේ දේවරකොණ්ඩා හා රශ්මිකා අද උදෑසන ඉන්දීය වේලාවෙන් පෙ.ව 10:10 ට උත්කර්ෂවත් උත්සවයකදී විවාහ වූ බව වාර්තා වෙනවා.
එම අවස්ථාවේ කිසිදු දර්ශනයක් මෙතෙක් මාධ්‍ය වෙත වාර්තා වී නැහැ.
විජේ හා මන්දනා යනු දකුණු ඉන්දියානු සිනමාවේ ඉහළම රසික ආදරයක් දිනාගත් නළු නිළි දෙපළකි.
ඔවුන් දෙදෙනා ආත්ම හතක් එකට ජීවත් වීමට පොරොන්දු වෙමින් විවාහ වූ අවස්ථාවේ නිල ඡායාරූපයක් ලැබෙනතුරු රසිකයින් ඇඟිලි ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
