Mr and Mrs වූ පසු දේවරකොණ්ඩා හා රෂ්මිකාගේ පළමු නිල ඡායාරූප පෙළ එළියට

දකුණු සිනමා ලෝකයේ ජනප්‍රියම තරු යුවළක් වන විජේ දේවරකොණ්ඩා හා රෂ්මිකා මන්දනා Mr and Mrs වූ පසු ඔවුන්ගේ පළමු ඡායාරූප පෙළ දැන් නිකුත් කර තිබෙනවා.

ඔවුන්ගේ විවාහය අවස්ථාවේ ඡායාරූප සැබවින්ම සිහින ලෝකයක් සේ දිස්වන බවයි ඔවුන්ගේ රසිකයන් පවසන්නේ.

‘VIROSH’ ලෙස රසිකයන් හඳුන්වන ඔවුන් දෙදෙනා ඉතා දිගු කලක් පෙමින් බැඳී සිටියද ඔවුන්ගේ ප්‍රේමය කිසිවිටකත් ප්‍රසිද්ධ කළේ නැහැ.

ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම පසුගිය ඔක්තෝම්බර් මාසයේ හයිද්‍රාබාද්හිදී ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති බවයි වාර්තා වුණේ.

අවසානයේ සියලු කතාබස්වලට තිත තබමින් ඔවුන් අද පෙ.ව 10.10ට නීත්‍යානුකූලව විවාහ වූ බව වාර්තා වූ අතර ඒ මොහොතේ සිට ඔවුන්ගේ රසිකයින් පළමු නිල ඡායාරූප පෙළ නිකුත් වන තුරු බලා සිටියා.

අවසානයේ එම ඡායාරූප සිය Instagram හි පළ කරමින් රෂ්මිකා ‘My Husband’ යනුවෙන් කැප්ෂන් එකක් ද ඊට යොදා තිබුණා.

තම ජීවිතයේ සැබෑ ආදරය කුමක්දැයි ඔහු තමන්ට ඉගැන්වූ බවත්, ජීවිතය සාර්ථක කරන ශක්තිමත් කුළුණක් බවට පත් වූ බව ඇය එහි සඳහන් කර තිබෙනවා.

Latest News

error: Content is protected !!