කොතැන හිටියත් ගෙදර වගේ සැනසීමක් දැනෙන්න රෂ්මිකා මගේ ළඟින් ඉන්න මට ඕන වුණා

එක දවසක් මට ඇය ගොඩක් මතක් වුණා.

ඇය ඉන්නවා නම් මගේ දවස හොඳටම වෙනස් වෙන්න තිබුණා.

මට කෑම කන විටත් ව්‍යායාම කරන විටත් ඇය අසල හිටියා නම් කියා හිතුණා.

මම කොතැන හිටියත් ගෙදර වගේ සැනසීමක් දැනෙන්න ඇය මගේ ළඟ ඉන්න මට ඕන වුණා.

ඒ නිසා මගේ හොඳම යාළුවා මම බිරිඳ කරගත්‍තා..

විජේ දේවරකොණ්ඩා ඔවුන්ගේ විවාහ මංගල්‍යයයේ ඡායාරූප බෙදා ගනිමින් යෙදූ සටහනයි.

දිගු කාලයක් එකිනෙකාට ආදරය කරත් කිසි විටක ප්‍රසිද්ධියේ නොකියූ ආදරයක් තමයි විජේට හා රෂ්මිකාට තිබුණේ.

එම රහස මුළු ලෝකයටම කියමින් ඔවුන් අතිනත ගත්තේ ඊයේ (26) දිනයේය.

Latest News

error: Content is protected !!