යුද්ධය ආසන්න වීමත් සමඟ ඉරානයේ අනතර්ජාලය බිඳ වැටේ..

GPS අවහිරයි… පර්සියානු භාෂාවෙන් විකාශය වන රූපවාහිනි නාලිකා නවතී…

මැදපෙරදිග ඉරානය පුරා අන්තර්ජාල හා GPS සංඥා ක්‍රියා නොකරන බවට වාර්තා වීමත් සමඟ රට තුළ දැඩි අස්ථාවරතාවයක් උද්ගතව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ රට පුරා පුරවැසියන් බොහෝ දෙනෙකුට අන්තර්ජාලයට සහ GPS සේවාවට ප්‍රවේශ වීම අසීරු වී ඇති බවයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය ඉරානයට එරෙහිව යුද්ධයට සූදානම් වන අතරතුර USS ජෙරල්ඩ් ආර්.ෆෝඩ් ගුවන් යානා ප්‍රවාහන නෞකාව මේ වන විට මැද පෙරදිගට වඩාත් සමීප වෙමින් පවතින බව වාර්තා වෙනවා.

ඉරානයේ අන්තර්ජාල බිඳ වැටීම හා අවහිරතා නැවත මතු වන්නට පටන් ගෙන ඇත්තේ එම වාතාවරණය අතරතුරදීය.

ඉරාක යුද්ධයෙන් පසු මැද පෙරදිග කලාපයට එක්සත් ජනපද හමුදා බලකායන් යොදවන විශාලතම අවස්ථාව වන්නේ මෙයයි.

Yahsat චන්ද්‍රිකාවෙන් රට විසන්ධි කිරීමෙන් පසු සියලුම පර්සියානු භාෂා ප්‍රවෘත්ති විකාශන සහ දේශපාලන නාලිකා නවතා දැමූ බව ද වාර්තාවල සඳහන් වෙනවා.

ඉරාන බලධාරීන් චෝදනා කරන අන්තර්ජාල ඇණහිටීම පිළිබඳව ක්ෂණික අදහස් දැක්වීමක් සිදු කර නැහැ.

කෙසේ වෙතත්, වාර්තා අනුව අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම විසන්ධි කර නොමැති බවත් සමහර ප්‍රදේශවල සීමිත සම්බන්ධතාවයක් තවමත් පවතින බවත් සඳහන් වෙනවා.

Latest News

error: Content is protected !!