පොළියත් එක්ක රු කෝටි 10ක් අයකරගන්න නීතියේ පිළිසරණ පතයි
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පවුලක් බ්‍රිතාන්‍ය රජය සිය පවුලෙන් රුපියල් 35,000 ක ණයක් ලබාගෙන ඇති බවටත් 1917 පළමු ලෝක යුද්ධයේදී එවකට පරිපාලනය එය ගෙවීමට අපොහොසත් වූ බවටත් චෝදනා කර තිබෙනවා.
සෙත් ජුම්මා ලාල් නමැති ඉන්දීය ව්‍යාපාරිකයකු වූ සිය මුත්තකු විසින් 1917 දී එවකට බ්‍රිතාන්‍ය පාලනය යටතේ භෝපාල්හි දේශපාලන නියෝජිතයා වූ ඩබ්ලිව් එස් ඩාවිස්ට රුපියල් 35,000 ක ණයක් ලබා දුන් බවයි එම පවුල පවසන්නේ.
එම මුදල භෝපාල්හි පරිපාලන කළමනාකරණයට සහාය වීම සඳහා ලබා දුන් බව පවුලේ අය සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් එම මුදල් තවමත් ආපසු ගෙවා නැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
මේ වන විට ජීවතුන් අතර නොමැති ව්‍යාපාරික සෙත් ජුම්මා ලාල් රුතියාගේ පවුලේ අය පවසා ඇත්තේ පොලිය සමඟ මුතුන් මිත්තන්ගේ ණය අයකර ගැනීම සඳහා නීතිමය විකල්ප ගවේෂණය කරන බවයි.
1917 ජුනි 4 දිනැති පවුල විසින් සංරක්ෂණය කරන ලද සහතිකයක සඳහන් වන්නේ, සෙත් ජුම්මා ලාල්, ඉන්දියානු යුද ණය පියවීම සඳහා රුපියල් 35,000 කින් දායක වූ බවත් එමඟින් රජයට සහ අධිරාජ්‍යයට ඔහුගේ පක්ෂපාතිත්වය පෙන්නුම් කළ බවත්ය. ලේඛනයේ එවකට භෝපාල්හි දේශපාලන නියෝජිතයා වූ ඩබ්ලිව් එස් ඩේවිස්ගේ අත්සන ද තිබෙනවා.
දායකත්වය ලබා දී වසර 20 කට පමණ පසු 1937 දී සෙත් ජුම්මා ලාල් රූතියා මිය ගොස් තිබෙනවා.1947 දී ඉන්දියාව නිදහස ලබා ගත් අතර, පවුල කිසි විටෙකත් ආපසු ගෙවීමක් හෝ බේරුම්කරණයක් සිදු කර නොමැති බව ඔවුන් පවසා තිබෙනවා.
යටත් විජිත යුගයේ ඉන්දියානු යුද ණයක් හා සම්බන්ධ මූල්‍ය හිමිකම් පෑමක් වර්තමාන එක්සත් රාජධානියට එරෙහිව ඉදිරියට ගෙන යා හැකිද යන්න ගවේෂණය කිරීම සඳහා නීතිඥයින්ගෙන් උපදෙස් ලබා ගනිමින් සිටින බවයි ඔවුන් පවසා ඇත්තේ.
අදාළ ණය මුදල පොලිය සමඟ ගණනය කළ පසු බ්‍රිතාන්‍ය රජය ඔවුන්ට ඉන්දියානු රු කෝටි 10කට වැඩි මුදලක් ගෙවිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
