විජේ දේවරකොණ්ඩා හා රෂ්මිකා මන්දනා ඔවුන්ගේ ලෝකය පුරා කතා බහට ලක් වූ විවාහයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමු වී තිබෙනවා.
දකුණු ඉන්දියානු සිනමා ලෝකයේ ජනප්‍රිය යුවළක් වන රෂ්මිකා සහ විජේ පෙබරවාරි 26 වැනිදා උදායිපුර් නගරයේ දී විවාහ වුණා.
රාජස්ථානයේ උදායිපුර නගරයේ පිහිටි ITC Mementos Udaipur හෝටලයේදී මෙම විවාහ උත්සවය පැවැත්වුණු අතර, එය සිදු කෙරුණේ තෙලිඟු සහ කොඩවා චාරිත්‍ර අනුවය.
විවාහයෙන් අනතුරුව ඔවුන් විසින් බෙදාගත් සිහිනයක් වැනි විවාහ ඡායාරූප මේ මොහොතේ සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියම මාතෘකාව බවට පත්ව තිබෙනවා.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ඔවුන්ගේ ඡායාරූපවලටද බොහෝ ප්‍රතිචාර ලැබෙමින් පවතී.
ඔවුන් විවාහයෙන් පසු මෝදි අගමැතිවරයා හමුවී සිනමා ක්ෂේත්‍රයේ මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ප්‍රභූ පුද්ගලයින් සඳහා පැවැත්විමට නියමිත විවාහ උත්සවයට ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.
