විජේ දේවරකොණ්ඩා හා රෂ්මිකා මන්දනා සැබෑ ලෝකයේ දී ඔවුන්ගේ එක්වීමේ සිහිනය සැබෑ කර ගැනීමෙන් පසු රිදී තිරයේ ඔවුන්ගේ යළි එක්වීම ද නැවත සටහන් කර තිබෙනවා.
ඒ අඹු සැමියන් වීමෙන් පසු ඔවුන්ගේ පළමු චිත්‍රපටයේ මුල්ම පෝස්ටරටය ප්‍රදර්ශනය කරමිනි.
මේ අනුව ඔවුන්ගේ විවාහයෙන් පසුතිරයේ මුල්ම එක්වීම සිදුවන්නේ Ranabali චිත්‍රපටයෙනි. Ranabali නිෂ්පාදකයින් ඔවුන්ගේ ගිණුම හරහා පෝස්ටරයක් ප්‍රකාශයට පත් කරමින් චිත්‍රපටය සැප්තැම්බර් 11 වැනිදා සිට ලෝකය පුරා තිරගත වන බවයි දැනුම් දී ඇත්තේ.
නිෂ්පාදකයින් චිත්‍රපටය පිළිබඳ දැනුම් දීමට හොඳම වෙලාව තෝරාගෙන ඇති බව ඔවුන්ගේ රසිකයින් පවසා තිබෙනවා. මක්නිසාදයත් විවාහය නිසා මේ වන විට සමාජ මාධ්‍ය සංවේදනයක් බවට ඔවුන් පත්ව තිබීම නිසාය.
දකුණු ඉන්දියානු සිනමා ක්ෂේත්‍රයේ රෂ්මිකා හඳුන්වන්නේ Blockbuster Queen යනුවෙනි. ඒ ඇය රංගනයෙන් දායක වන බොහෝ චිත්‍රපට Blockbuster වාර්තා බිඳ දමමින් තිරගත වන නිසාය.
මේ අනුව Blockbuster රැජින සැමියා විජේ සමඟ පළමු චිත්‍රපටය Ranabali ගැනත් බොහෝ දෙනෙක් අපේක්ෂා දල්වාගෙන සිටින බවයි වාර්තා වන්නේ.
