ඊශ්‍රායල ඉරානය වෙත පළමු ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.
මෙය ඉරානයට එරෙහි ප්‍රහාර මාලාවක පූර්ව ප්‍රහාරය ලෙසයි ඔවුන් හඳුන්වා ඇත්තේ.
ඉරාන මාධ්‍ය වාර්තාවලට අනුව, ටෙහෙරාන් නගරයේ පිපිරීම් හඬ තුනක් ඇසූ බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊශ්‍රායලය නැවත ප්‍රතිප්‍රාහරයක් එල්ලවිය හැකි තත්ත්වය සලකා බලා එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ජෙරුසලමේ සයිරන් හඬ නාදය වූ බව වාර්තා පවසනවා.
AP වාර්තාවකට අනුව, ඉරානයේ සිදු කරන හමුදා ක්‍රියාමාර්ගවලට ඇමෙරිකාව ද සහභාගී වී තිබෙනව. එහෙත් ඇමෙරිකාව එය නිල වශයෙන් තහවුරු කර නැහැ. ප්‍රහාරයෙන් අනතුරුව, ඊශ්‍රායලය සිය ගුවන් ගමන් සිවිල් ගුවන් යානා සඳහා තාවකාලිකව වසා දැමූ බව ද නිවෙදනය කර ඇති බවයි වාර්තා වන්නේ.
