අලුතින්ම අච්චු ගැසූ මුදල් රැගෙන ගිය බොලිවියාවේ හමුදා ගුවන් යානයක් කඩා වැටේ…

සුන්බුන් මැද මිනිසුන් මුදල් මංකොල්ල කෑමට පොරකයි…

බොලිවියාවේ අගනුවර වන ලා පාස් නගරයට නුදුරින් පිහිටි එල් ඇල්ටෝ ගුවන් තොටුපළ අසලදී සිකුරාදා (පෙබරවාරි 27) සවස අලුතින් මුද්‍රණය කරන ලද මුදල් නෝට්ටු රැගත් හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක් වී තිබෙනවා.

ගුවන් යානයේ සිටි අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු අනතුරින් මිය ගිය බව වාර්තා පෙන්වාදෙනවා.

ගුවන් යානයෙන් වැටුණු මුදල් කොල්ලකෑමට මිනිසුන් උත්සාහ කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් පවතී.

දේශීය රූපවාහිනී වාර්තා මගින් ගුවන් යානය බොලිවියානු ගුවන් හමුදා හර්කියුලිස් යානය ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

අයහපත් කාලගුණය අතරතුර එය එල් ඇල්ටෝ හි කාර්යබහුල මාවතකට කඩා වැටී තිබුණා. කෙසේ වෙතත් මුදල් එකතු කිරීමට රැස් වූ ජනතාව විසුරුවා හැරීමට පොලිසියට කඳුළු ගෑස් භාවිත කිරීමට ද සිදුවුණ බවයි සඳහන් වන්නේ.

Latest News

error: Content is protected !!