ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 51කට නගී.

ඉරානයේ දකුණු දිග නගරයක් වූ හෝර්මොස්ගන් හි බාලිකා පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් 51 දෙනෙකු මිය ගිය ගොස් ඇතැයි බලධාරීන් තහවුරු කර තිබෙනවා.

තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන් ය.

ප්‍රහාර එල්ල වූ පාසල උපායමාර්ගික හෝමෝරස් සමුද්‍ර සන්ධිය අසල පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

හෝර්මොස්ගන් ප්‍රදේශයේ මිනාබ් හි Shajare Tayyebeh ප්‍රාථමික පාසලේදී මෙම මරණ සිදුවී ඇති බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා තහවුරු කර තිබෙනවා.

ප්‍රහාරය සෘජුවම පාසල ඉලක්ක කර ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රහාරය වන අවස්ථාවේ සිසුවියන් 170 දෙනෙකු පමණ පාසලේ සිට ඇති බව වාර්තා පවසනවා.

ඉරානයට එරෙහිව පූර්ව ගාමි ප්‍රහාරයක් ලෙස අද (28) ඊශ්‍රායලය ස්ථාන 30කට අධික සංඛ්‍යාවක් එල්ල කර ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

එම ඉලක්ක අතරට එරට අධ්‍යාත්මික නායකයා අයතුල්ලා අලි කමේනිගේ නිවසද ඇතුළු වූ බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ තහවුරු කළේ.

Latest News

error: Content is protected !!