ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙයිනි මියගොස් ඇති බවට වාර්තා වූ ප්‍රචාරය ඉරාන බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය ටෙහෙරානයේ පිහිටි කමෙයිනිගේ නිවස ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවට වාර්තා වූ අතර ඊශ්‍රායලයේ Channel 12 වාර්තා කළේ “ඔහු මියගොස් ඇති බවට වර්ධනය වන සංඥා පවතින” බවයි.
එම වාර්තාව The Times of Israel විසින්ද උපුටා දක්වා තිබෙනවා.
කෙසේවෙතත්, ඉරානයේ මුදල් අමාත්‍යවරයා පසුව තහවුරු කළේ කාමෙයිනි ජීවතුන් අතර සිටින බවයි.
එමඟින් සමාජ මාධ්‍ය සහ විදේශ මාධ්‍ය අතර පැතිර ගිය ඝාතන වාර්තාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම සිදුවීම, මැදපෙරදිග කලාපයේ මේ වන විට උත්සන්නව පවතින ආරක්ෂක අර්බුදය තිව්‍ර කළ සිදුවීමකි.
එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරගචි (පෙබරවාරි 28) NBC News සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ද ඉරාන අධ්‍යාත්මික නායකයා පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු වුණා.
එහිදී අධ්‍යාත්මික නායකයා මිය ගිය පුවත පිළිබඳ සිදු කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අල් කමෙයිනි “තමා දන්නා තරමින් ජීවතුන් අතර” සිටින බවයි.
මෑත ප්‍රහාරවලදී “කමාන්ඩර්වරුන් එක් අයෙකු හෝ දෙදෙනෙකු” අහිමි වී තිබිය හැකි බව ඔහු පිළිගත් අතර එය රජයේ ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක් නොමැති බවත් බොහෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ආරක්ෂිතව සහ සක්‍රීයව කටයුතු කරමින් සිටින බවත් සඳහන් කර තිබෙනවා.
