පන්ච් මිලදී ගැනීමට ඩොලර් 250,000ක ඔෆර් එකක් යෝජනා කළ ඇන්ඩෲ ටේට්ට දැඩි විවේචන

ලෝකය පුරා ආදරයට පාත්‍ර වූ ජපානයේ ඉචිකාවා සත්වෝද්‍යානයේ මැකේක් වඳුරු පැටියා ‘පන්ච්’ අමෙරිකානු ඩොලර් 250,000 කට මිලදී ගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඇන්ඩෘ ටේට් සහ ඔහුගේ සහෝදරයා වන ට්‍රිස්ටින් විසින් පන්ච් ඔවුන්ගේම කර ගැනීමට එවැනි විශාල මුදලක් වැය කිරීමට සූදානම් බවයි පැවසෙන්නේ.

පන්ච් සමාජ මාධ්‍යවල ප්‍රියතම හුරතලා බවට පත් වුණේ ඉපදී දින කිහිපයකට පසු මව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් ඉන්පසු ඔහු ආදරය සොයා ගැනීමට කළ අහිංසක ක්‍රියාකාරකම් නිසාය.

අහිංසක හැසිරීම් සහ ක්‍රියාකාරකම් හේතුවෙන් ‘පන්ච්’ ටෙටේ සහෝදරයන්ගේ නවතම ප්‍රියතමයා ලෙසද හැඳින්වෙනවා.

ඇන්ඩෲ ටේට් යනු කාන්තාවන් පිළිබඳව අගෞරවනීය, පහත් හා වෛර සහගත අදහස් ප්‍රචාරය කරන සමාජ මාධ්‍ය බලපෑම් කරන්නෙකි.

ඔහු පන්ච් මිලදී ගැනීමට කටයුතු කරන බව වාර්තා වීමත් සමඟ සමාජ මාධ්‍යවලින් එයට දැඩි බලපෑමක් එල්ල වුණා.

ඔවුන් පන්ච්ගෙන් මුදල් ඉපයීමට බලාපොරොත්තු වන බව බොහෝ දෙනෙක් පෙන්වා දී තිබෙනවා.

“කොයිම සත්ව උද්‍යානයක්වත් ඔබට වඳුරා විකිණීම නොකළ යුතුයි. ඔබ එයින් මුදල් ඉපයීමටයි යන්නේ” යනුවෙන් සමාජ මාධ්‍ය පරිශිලකයින් අදහස් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් ඉචිකාවා සත්වෝද්‍යානය ඔවුන් එම යෝජනාව පිළිගත් බවක් නිවේදනය කර නැහැ.

Latest News

error: Content is protected !!