අධ්‍යාත්මික නායක අලි කමෙයිනි ඝාතනයවූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි.. ඉරානයට දින 40ක ශෝක කාලයක්

ඇමෙරිකාව හා ඊශ්‍රායල හමුදා එක්ව සිදු කළ ප්‍රහාරවලදී ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි මිය ගිය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසු ඉරාන රාජ්‍ය මාධ්‍ය අධ්‍යාත්මික නායකයා මිය ගිය බව තහවුරු කර තිබෙනවා.

ඉරානය පුරා දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව ද රාජ්‍ය මාධ්‍ය වාර්තා පවසනවා.

Fars News Agency වාර්තා වාර්තා කරන ආකාරයට “ඉස්ලාමීය විප්ලවයේ උත්තරීතර නායක” අලි කාමෙයිනි මහතා සෙනසුරාදා උදෑසන සිදු වූ ප්‍රහාරයකදී මිය ගොස් තිබෙනවා.

Fars අනුව, ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කාමෙයිනි මහතා සිය නිල රාජකාරි ඉටු කරමින් කාර්යාලයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

“අපට ශ්‍රේෂ්ඨ නායකයා අහිමි වුණා. නපුරු ත්‍රස්තවාදීන් සහ මනුෂ්‍යත්වයේ අලුගෝසුවන් විසින් ඔහු මරා දැමුණා” යයි එම වාර්තා වේ සඳහන් වෙනවා.

එම වාර්තාව තවදුරටත් සියෝන් රාජ්‍යයට අනුබද්ධ මාධ්‍ය විසින් සහ කලාපීය මාධ්‍ය විසින් පළ කළ අධ්‍යාත්මික නායකයා ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගිය බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම වාර්තාව පැමිණීමට පෙර ට්‍රම්ප් තම සමාජ Truth මාධ්‍ය වේදිකාව හි අදහස් පළ කරමින් ඉතිහසයේ අතිශය නරක නායකයකු වූ කමෙයිනි ඝාතනය වූ බවයි සඳහන් කර තිබුණේ.

Latest News

error: Content is protected !!