ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑණා හා මිණිපිරියත් ඝාතනය වේ

ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ දියණිය, බෑණා සහ මිණිබිරිය ඇමරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය ගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා පවසනවා.

එම වාර්තා මීට පැය කිහිපයකට පෙර ප්‍රහාරවලින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ද මිය ගිය බව තහවුරු කරනු ලැබුවා.

උත්තරීතර නායකයාගේ නිවසේ මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු ඔස්සේ රාජ්‍ය මාධ්‍ය එම පුවත තහවුරු කර තිබෙනවා.

කමේනිගේ මරණය “ඉරානයේ ජනතාවට පමණක් නොව, සියලුම ශ්‍රේෂ්ඨ ඇමරිකානුවන්ට සහ ඔහුගේ ලේ පිපාසිත මැර කල්ලිය විසින් මරා දැමූ හෝ විකෘති කරන ලද ලොව පුරා බොහෝ රටවල ජනතාවට යුක්තිය ඉටු කිරීමක්” බව ට්‍රම්ප් ද ඔහුගේ මරණය තහවුරු කරමින් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා තිබෙනවා.

කමේනි ඉලක්ක කරගත් නිශ්චිත ප්‍රහාරය පිටුපස ඊශ්‍රායලය සිටින බව වාර්තා වුවද වොෂින්ටනය සැලකිය යුතු සම්බන්ධීකරණ කාර්යභාරයක් ඉටු කළ බව ට්‍රම්ප් එහිදී පෙන්වා දී තිබුණා.

කමේනිට “අපගේ බුද්ධි අංශ සහ ඉතා සංකීර්ණ ලුහුබැඳීමේ පද්ධති මග හැරීමට නොහැකි වුණා. ඔහුට හෝ ඔහු සමඟ මරා දැමූ අනෙකුත් නායකයින්ට කළ හැකි දෙයක් තිබුණේ නැහැ. යනුවෙන් ට්‍රම්ප් එහි ලියා තිබෙනවා.

Latest News

error: Content is protected !!