ඉරානය වැළපේ…

ඉරිදා උදාව උදාවන විට, උත්තරීතර නායක අයතුල්ලා අලි හොසේනි කමේනි වෙනුවෙන් ශෝක වීමට ටෙහෙරානයට ජනතාව එක් රැස් වූ බව වාර්තා වෙනවා.

ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් උත්තරීතර නායකයා ඝාතනය කළබව දැනුම් දීමෙන් පසු ටෙහෙරානයේ විප්ලව චතුරශ්‍රයේ සහ ටෙහෙරාන් විශ්ව විද්‍යාලය ඉදිරිපිටට මෙම ජනතාව රැස් වූ බවයි වාර්තා වන්නේ.

ජනතාව කොඩි වනමින්, ගායනා කරමින් සහ කමේනිගේ රුව ඇතුළත් පුවරු අල්ලාගෙන ශෝකයෙන් වැළපෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වෙමින් පවතී.

හස්රත් ෆාතිමා මසුමේ දේවස්ථානයේදී, ඉරාන ජාතිකයන් “ඇමරිකාවට මරණය, ඊශ්‍රායලයට මරණය” යනුවෙන් හඬ නඟන ආකාරය රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ද විකාශය කර තිබෙනවා.

ඉරාන රජය මේ වන විට දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව ද සඳහන්ය.

Latest News

error: Content is protected !!