ට්‍රම්ප්ගේ හිතුවක්කාර ක්‍රමය පිළිගන්න බැහැ.. රජය තවමත් එය ප්‍රකාශ කර නැහැ… හිටපු ජනපති රනිල්

ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් අනෙක් රටවල ආණ්ඩු බලය වෙනස් කිරීමට ගෙනයන ක්‍රියාමාර්ග කිසිසේත් පිළිගත නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

ස්විස්ටර්ලන්තය නොර්වේ වැනි රටවල් පවා මෙම ක්‍රමය ජ්‍යාත්‍යන්තර සම්ප්‍රදාය අනුව පිළිගත නොහැකි බව සඳහන් කර ඇති නමුත් ශ්‍රී ලංකා රජය මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති වීම ද අඩුවක් බව ඔහු පෙන්වා දෙනවා.

ඉරානයට එරෙහිව, අමෙරිකා සහ ඊශ්‍රායල සිදුකරන ප්‍රහාර සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මෙය ඉතා ගැඹරු ගැටලුවක් බවත් එම ක්‍රියාපිළිවෙත ශ්‍රී ලංකාවට යහපත් නොවන බවත් ඔහු පවසනවා.

කෙසේ වෙතත් යුදමය වතාවරණය මැද ඉරාන ඉන්ධන සැපයුම අඩපන වීම තුලින් ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟයක් සිදු නොවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඉරානය විසින් ඉන්ධන ප්‍රවාහන නෞකාවලට ප්‍රහාර එල්ල කරමින් එම ප්‍රවාහන කටයුතු අඩපන කළහොත් එය විශාල ගැටලුවක් විය හැකි
බව ඔහු පෙන්වා දුන්නා.

“ඉරානයේ තෙල් නැති වුණා කියලා විශාල හිඟයක් වෙන්නේ නෑ. අනික් රටවල් ඊට වඩා තෙල් නිෂ්පාදනය කරනවා. හැබැයි ඉරානය විසින් ඒ අසලින් එන තෙල් නැව්වලට බොම්බ දැමීමකින් නැව් නැවැත්තුවොත් ඒක විශාල ප්‍රශ්නයක්. දැනට ඒක සිදුවෙලා නෑ.

ට්‍රම්ප් ජනාධිපති ඊශ්‍රායලයත් එක්ක එකතුවෙලා කළේ ඉරානයේ නායකත්වය නැති කරන්න. කෙසේ හෝ ආණ්ඩුවක් ඉවත් කරනවා නම් මේ ක්‍රමවේදය පිළිගන්න බැහැ. ස්විස්ටර්ලන්තයයි නොර්වේ එහෙම කියන්නනේ මේක ජාත්‍යන්තර නීති සහ සම්ප්‍රදායන් අනුව සුදුසු නැහැ කියලා.

ට්‍රම්ප් ජනාධිපති බලන්නේ එයා කැමති විදියට ලෝකේ වැඩකටයුතු කරගෙන යන්න. එත් මේක අපිට හොඳ නෑ., මේක ඉතා ගැඹුරු ප්‍රශ්නයක්…”

Latest News

error: Content is protected !!