බලගතු රටවල් එකතු වී මැදපෙරදිග යුධ ගිනිදැල් නිවා දැමිය යුතුයි.. හිටපු ජනපති මහින්ද

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය බලගතු රටවල් මැදිහත් වීමෙන් ඉක්මණින් අවසන් කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.

අද (02) හෝමාගම ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාර භූමියේ පැවති “සද්ධර්ම වර්ෂා” ධර්මදේශනය සඳහා සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

“යුද්ධය අවසන් කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනින්. අනෙක් බලගතු රටවල් මැදිහත් වෙන්න ඕනේ කියලා මගේ විශ්වාසය.”

අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අදහස් පළ ඔහු අත්අඩංගුවට පත් වූ හේතුව තමන් නොදන්නා බවත් අධිකරණය හමුවේ එය හෙළිදරව් වේවි යැයි තමා කල්පනා කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරත් කියා සිටියා.

Latest News

error: Content is protected !!