මැද පෙරදිග උග්‍ර වන යුධමය වාතාවරණය ගැන තීරණයක් ගැනීමට සජිත් ඒකාබද්ධ විපක්ෂ රැස්වීමක් කැඳවයි

මැදපෙරදිග කලාපයේ උග්‍රවන ගැටුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලු විපක්ෂ පක්ෂවල නායකයින් සහ මන්ත්‍රීවරුන් සඳහා හදිසි රැස්වීමක් කැඳවා ඇති බව විපක්ෂ නායක කාර්යාලය පවසා තිබෙනවා.

හදිසි සැසිය හෙට, මාර්තු 3 වන දින පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඇති විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

මෙම රැස්වීමේදී බලපෑමට ලක් වූ කලාපයේ දැනට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳව අවධානය යොමු කිරීම මූලික අරමුණ වී තිබෙනවා.

ඊට අමතරව, අවශ්‍ය ඊළඟ පියවර පිළිබඳව රජයට විධිමත් ලෙස උපදෙස් දීම හා නුදුරු අනාගතයේ දී මෙම අර්බුදය රටට ඇති කළ හැකි විභව බලපෑම් තක්සේරු කිරීම සඳහා ද අවධානය යොමු වනු ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!