ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයන් ඉරානය වෙත එල්ල කිරීමත් සමඟ ගුවන් මාර්ග රැසක් වසා දැමීම හේතුවෙන් ගුවන් ගමන් ක්ෂේත්‍රය දැඩි ලෙස ව්‍යාකූල වී ඇතැයි වාර්තා වෙනවා.
ගුවන් දත්ත විශ්ලේෂණ සමාගමක් වන Cirium අනුව, සෙනසුරාදා දිනයේ පමණක් ගුවන් ගමන් 1,800කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වී ඇති අතර, ඉරිදා තවත් 1,400කට ආසන්න ගුවන් ගමන් නවතා දමා තිබෙනවා.
මෙම බලපෑම කලාපීය ගමන්වලට පමණක් නොව, මැදපෙරදිග ගුවන් මාර්ග හරහා ගමන් කරන දිගු දුර ජාත්‍යන්තර ගුවන් ගමන්වලටද දැඩිව බලපා ඇති බවයි වාර්තා වන්නේ.
ඉරානය,ඊශ්‍රායලය, ඉරාකය, කටාර්, එක්සත් අරාබි එමීරේට්ස්, බහරේන්, කුවේට් සහ ජෝර්දාන් යන රටවල් 8ක් තම ගුවන් අවකාශය මේ වන විට වසා දමා තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් ලෝකයේ කාර්යබහුලම ගුවන් තොටුපළ කිහිපයක මෙහෙයුම් නවතා දැමුණා. ඩුබායි ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපළ, බෙන් ගූරියන් හා හමාද් යන ගුවන්තොටුපළවල් ඊට ඇතුළත්ය.
ඉන්දියාවේ, Air India, IndiGo සහ SpiceJet වැනි ගුවන් සමාගම් විසින් ගුවන් ගමන් 630කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව ද ඒ අතර වාර්තා වෙනවා.
මෙම ගැටලු මැදපෙරදිග පමණක් සීමා වී නොමැති අතර, ගල්ෆ් ගුවන් තොටුපළ හරහා සම්බන්ධ වූ මගීන් ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය සහ මාලදිවයින වැනි රටවල රැඳී සිටින බව ද වාර්තා වෙනවා.
