වෙනිසියුලානියානු මොඩලය ඉරානයට ආදේශ කරන්න ට්‍රම්ප්ගෙන් යෝජනාවක්..

ඉරානයට නම් කළ හැකි නායකයින් තිදෙනෙක් සිටින බව ද පවසයි..

ඉරානය තුළ මේ වන විට සිදු කරනු ලබන මෙහෙයුම වෙනිසුයුලාවේ සිදු කළ මෙහෙයුමට සමාන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා The New York Times සමඟ දුරකථන සාකච්ඡාවකදී පවසා තිබෙනවා.

වෙනිසියුලාවේ නිකලස් මදුරෝ බලයෙන් පහ කිරීමෙන් අනතුරුව සාමකාමීව රටේ ඉතිරි රජය පවත්වා ගෙන යාමට කටයුතු කළ ආකාරය ඉරානයේ ඉදිරි සැලසුම්වලදී උදාහරණයක් කරගනු ඇති බව තමා අපේක්ෂා කරන බවයි ට්‍රම්ප් පවසා තිබෙන්නේ.

ඇමරිකානු – ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායකයා ඇතුළු 48 දෙනෙකුට ආසන්න ඉහළ තනතුරු හිමි නායකයන් මියගොස් ඇති බව ද ට්‍රම්ප් මෙහිදී සඳහන් කර තිබෙනවා.

එය “Operation Epic Fury” යන නාමයෙන් හඳුන්වා ඇති යුධ මෙහෙයුම තුළ මෙතෙක් සපුරාගත් සාර්ථක ඉලක්ක ලෙස ද ඔහු හඳුන්වා දී තිබෙනවා.

“ඉරානයේ නායකයකු ලෙස බලන්න කැමති පුද්ගලයින් තිදෙනෙකු මට ඉන්නවා.” යැයි ට්‍රම්ප් The New York Times සාකච්ඡාව අතරතුර පැවසූ බවයි වාර්තා වන්නේ. නමුත් ඒ නම දැන්ම හෙළි නොකරන බව ද ඔහු සඳහන් කරනවා.

Latest News

error: Content is protected !!