ඉරාන උත්තරීතර නායක කමෙයිනිගේ බිරිඳත් ඝාතනය වේ

ඉරානයේ හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙයිනිගේ බිරිඳ වන මන්සුරි කොජස්තේ බග්හෙර්සාදේ (Mansoureh Khojasteh Bagherzadeh) ඇමෙරිකා – ඊශ්‍රායල ඒකාබද්ධ යුධ මෙහෙයුම්වලදී මිය ගොස් ඇතැ‍යි ඉරාන මාධ්‍ය වාර්තා පවසනවා.

ඉරාන රාජ්‍ය මාධ්‍යයේ වාර්තා අනුව ඇය එම ප්‍රහාරවලින් තුවාල ලැබීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

ප්‍රහාරවලදී උත්තරීතර නායකයාගේ දියණිය, බැණා සහ මිණිපිරියද මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

අමෙරිකාව පෙබරාවාරි 28 වැනිදා උදෑසන සිදු කළ මෙහෙයුම්වලදී උත්තරීතර නායකයා ඔහුගේ පවුලේ සමීපතමයන් ඇතුළු ඉරාන පාලනයේ බලගතු නායකයින් බොහෝ දෙනෙක් මරුමුවට පත් වුණා.

Latest News

error: Content is protected !!