රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගල්ෆ් රාජ්‍යයන් හතරක රාජ්‍ය නායකයින් සමඟ සෘජුවම කතා කරමින් ඉරානයට එරෙහි එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර, කලාපීය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
පුටින් සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සමඟ කළ සංවාදයෙන් පසුව, ගැටුම් කලාපීයව ව්‍යාප්ත වීමේ සැබෑ අවදානම පිළිබඳව දෙපාර්ශ්වයම බරපතල කණස්සල්ල පළ කළ බවයි ක්‍රෙම්ලිනය පවසන්නේ.
එය දැනටමත් අරාබි රටවල් ගණනාවකට බලපා ඇති අතර විනාශකාරී ප්‍රතිවිපාකවලින් පිරී ගොස් ඇතැයි මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
“අතිශයින්ම භයානක තත්වය” විසඳීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවශ්‍යතාවය පුටින් අවධාරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
ඉරානය සහ ගල්ෆ් රටවල් දෙකම සමඟ ඇති හොඳ සබඳතා හේතුවෙන් මොස්කව් වෙත මෙහිදී වඩා හොඳ කාර්ය භාරයක් ඉටු කිරීමට හැකි වනු ඇතැයි ඔටුන්න හිමි කුමරා පෙන්වා දුන් බව ද සඳහන් වෙනවා.
රුසියාව, එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර සහ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය නැවත නැවතත් හෙළා දැක ඇති බවයි පවසන්නේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් සමඟ හා කටාර්හි එමීර්වරයා වන තමීම් බින් හමාඩ් අල් තානි සමඟ ද පුටින් වැඩි දුරටත් මේ පිළිබඳ සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
