ඉරාන ඉස්ලාමීය ජනරජ විකාශනය (IRIB) හෙවත් ඉරාන රාජ්‍ය රූපවාහිනියේ ටෙහෙරානයේ මූලස්ථානය අසල පිපිරීම් දෙකක් වාර්තා වී තිබෙනවා.
ඊශ්‍රායල ඇමෙරිකා ප්‍රහාරවලදී මූලස්ථානය අසල පිපිරීම් වාර්තා වුවද විකාශනය අඛණ්ඩව සිදු කරන බව එම රූපවාහිනි නාලිකාව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.
මේ අතර ඊශ්‍රායල හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසනු ලැබුවේ උතුරු ටෙහෙරානයේ එවින් දිස්ත්‍රික්කයේ පිහිටි IRIB මූලස්ථානයට පහර දී විනාශ කළ බවයි.
එය “ඉරාන ත්‍රස්තවාදී පාලනයේ සන්නිවේදන මධ්‍යස්ථානයක්” ලෙස ඔවුන් නිර්වචනය කර තිබෙනවා.
ඔවුන් මීට පෙර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ගෙන් “වහාම ඉවත් වන ලෙස” ඉල්ලීම් කර තිබුණා.
