සෞදි අරාබියේ රියාද් නගරයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
අඟහරුවාදා අලුයම රියාද් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ විශාල පිපිරීමක් ඇසුණු අතර ගිනිදැල් දක්නට ලැබුණු බව මූල්‍රාශ්‍ර රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබෙනවා.
රියාද් හි විදේශ දූත මණ්ඩල පිහිටා ඇති රාජ්‍ය තාන්ත්‍රික ගොඩනැගිලිවලට ඉහළින් කළු දුමාරයක් නැඟුණු බවයි වාර්තා වන්නේ.
අලුයම ගොඩනැගිල්ල හිස්ව තිබූ බැවින් තුවාලකරුවන් කිසිවකු වාර්තා වී නොමැති බව ද එම මූලාශ්‍ර රොයිටර් පුවත් සේවය වෙත සඳහන් කර තිබෙනවා.
එක්සත් ජනපද රියාද් තානාපති කාර්යාලය විසින් අඟහරුවාදා උදෑසන රියාද්, ජෙද්දා සහ ධහ්රාන් නගරවල සිටින ඇමරිකානු පුරවැසියන් සඳහා “shelter in place” (ඇතුළත රැඳී සිටීමේ) දැනුම්දීමක් ද නිකුත් කර තිබූ බවයි සඳහන් වන්නේ.
පෙබරවාරි 28 වැනිදා ඊශ්‍රායලය හා ඇමෙරිකාව ඒකාබද්ධව ඉරානයට සිදු කළ ප්‍රහාර මාලාවෙන් පසු ඉරානය පළිගැනීමක් ලෙස ගල්ෆ් කලාපයේ ඇමරිකානු හමුදා කඳවුරු පිහිටි රටවල් ඉලක්ක කරමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් මේ වන විට එල්ල කරමින් සිටිනවා.
