ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට පළමු ප්‍රහාරය එල්ල වේ

එක්සත් ජනපද – ඊශ්‍රායල ගුවන් මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු ඉරාන න්‍යෂ්ටික ස්ථානයකට එල්ල වූ පළමු ප්‍රහාරය සිදු වී ඇති බව චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් තහවුරු කර තිබෙනවා.

කොලරාඩෝ පදනම් කරගත් වැන්ටෝර් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ඡායාරූප මගින් පෙන්නුම් කර ඇති ආකාරයට ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික බලාගාරය වෙතයි.

නටාන්ස් බලාගාරයේ ප්‍රවේශ ස්ථාන වෙත ප්‍රහාර දෙකක් පෙන්නුම් කළ බව විද්‍යා හා ජාත්‍යන්තර ආරක්ෂක ආයතනය මෙම ඡායාරූප විශ්ලේෂණය කරමින් පවසා තිබෙනවා.

පසුගිය ජුනි මාසයේදී ද එක්සත් ජනපදය විසින් මෙම බලාගාරයට ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

එක්සත් ජාතීන්ගේ හිටපු නටාන්ස් න්‍යෂ්ටික පරීක්ෂකවරයෙකු සහ ආයතනයේ නිර්මාතෘ ඩේවිඩ් ඇල්බ්‍රයිට් පවසන ආකාරයට, ඔහුගේ කණ්ඩායම සමාලෝචනය කළ චන්ද්‍රිකා ඡායාරූප මත පදනම්ව, දේශීය වේලාවෙන් ඉරිදා දහවල් සහ සඳුදා උදෑසන අතර කාලයකදී මෙම ප්‍රහාර සිදුවී තිබෙනවා.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් ද මෙම පුවත සනාථ කර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් ධවල මන්දිරය මේ සම්බන්ධයෙන් තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!