කොළඹ විදෙස් තානාපති කාර්යාල හා සංචාරක හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..

මැදපෙරදිග පවතින ආතතීන් හමුවේ කොළඹ පිහිටි විදේශ තානාපති කාර්යාල හා සහ විදෙස් සංචාරකයින් නවාතැන් ගන්නා හෝටල් සඳහා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙනවා.

පොලිස්පතිවරයා (IGP) අදාළ සියලුම අංශවලට, විශේෂයෙන් සංචාරක පොලිස් අංශයට දැනුම් දී ඇත්තේ විදේශීය අමුත්තන් නිතර පැමිණෙන හෝටල් සහ ප්‍රධාන ස්ථානවල ආරක්ෂාව තර කරන ලෙසයි.

විදේශ තානාපති කාර්යාල ඉලක්ක කර ගනිමින් මැද පෙරදිග මතුව ඇති ගැටුම් කාරී තත්ත්වයන්ට ප්‍රතිචාර වශයෙන් මෙම වැඩපිළිවෙල සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

කලබලකාරී කණ්ඩායම් තානාපති කාර්යාල පරිශ්‍රයන්ට කඩා වැදීමට හෝ පාලනයෙන් තොර විය හැකි අස්ථාවර විරෝධතා පැවැත්වීමට ගන්නා ඕනෑම උත්සාහයක් වැළැක්වීම කෙරෙහි පොලිසිය විශේෂයෙන් අවධානය යොමු කරනු ඇති බව සඳහන්ය.

Latest News

error: Content is protected !!