ලෝකයේ විශාලම තෙල් මාර්ගය ‘හෝමූස්’ වසා දැමේ

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමූ බවත් එය හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට පහර දෙන බව ඉරානය පවසා තිබෙනවා.

ලෝකයේ සමස්ත තෙල් පරිභෝජනයෙන් සියයට 20ක් පමණ හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ප්‍රවාහනය කෙරේ. පසුගිය වසරේ සාමාන්‍යයෙන් දිනකට බැරල් මිලියන 20කට වැඩි ඉන්ධන ප්‍රමාණයක් මේ හරහා ගමන් කරන බව විශ්ලේෂණ ආයතනයක් වන Vortexa දත්ත පෙන්වා දෙනවා.

හෝමූස් සමුද්‍ර සන්ධිය ඕමානය හා ඉරානය අතර පිහිටා තිබෙනවා.

ඉරානය මේ වන විටත් සිදු කර ඇති පහර දීම්වලින් අවම වශයෙන් නැව් ටැංකි පහකට හානි සිදුවී ඇති අතර, කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර නැව් 150 ක් පමණ සිර වී ඇති බව ද වාර්තා වෙනවා.

මේ අතර ඉරානයට එරෙහිව සෙනසුරාදා (28) එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු වැඩිවන ආතතීන් මධ්‍යයේ සිකුරාදා ඩොලර් 73 ක් වූ තෙල් බැරලයක මිල සඳුදා ඩොලර් 79.40 ට වඩා ඉහළ ගොස් තිබෙනවා.

ඉරානය නැව් ගමනාගමනයට පහර දීම් සිදු කළහොත් ගල්ෆ් රාජ්‍යයන්ද යුද්ධයට එකතු වීමෙන් විශාල විනාශයක් සිදු විය හැකි බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

Latest News

error: Content is protected !!