අලි කමෙයිනි කොටු කළ ඊශ්‍රායලයේ මහා මෙහෙයුම..

අලි කමේනි ඝාතනය කිරීමට ඊශ්‍රායලය, ඉරාන රථවාහන කැමරා හැක් කළ ආකාරය..

පෙබරවාරි 28 වන දින ඉරානයේ උත්තරීතර නායක අලි කමෙයිනිගේ නිවස ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඊශ්‍රායල බුද්ධි අංශ වසර ගණනාවක් තිස්සේ ඉරාන රථවාහන කැමරා හැක් කර ඔහුගේ චලනයන් පිළිබඳ තොරතුරු අධ්‍යයනය කර ඇතැයි වාර්තා වෙනවා.

ලන්ඩනයේ Financial Times පුවත්පත කියා සිටියේ ඒ ඔස්සේ ඔහුගේ සංචාර මාර්ග, ආරක්ෂක කණ්ඩායමේ පිහිටීම සහ චලන තොරතුරු නිරීක්ෂණය කර ඇති බවයි.

රථවාහන කැමරා හැක් කර ජංගම දුරකථන ජාල වෙත ප්‍රවේශය ලබා ගෙන එමඟින් කමේනිගේ චලනයන් සහ ආරක්ෂක තොරතුරු නිරීක්ෂණය කිරීමට කටයුතු කර ඇති බව එම පුවත්පත පවසනවා.

වාර්තාවේ සඳහන් වන ආකාරයට ටෙහෙරානයේ රථවාහන කැමරා සියල්ලම පාහේ අවදානමට ලක්ව ඇති අතර එම දර්ශන සංකේතනය කර ඊශ්‍රායල සේවාදායකයන්ට සම්ප්‍රේෂණය කර ඇති බව ද එහි සඳහන්ය.

මෙම කැමරා, විරෝධතාකරුවන් සහ පාලන තන්ත්‍රයේ විරුද්ධවාදීන් හඳුනා ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට උපකාරී වන රාජ්‍ය නිරීක්ෂණ පද්ධතියේ කොටසක් ලෙස ද භාවිත වූ බවයි එහි වැඩි දුරටත් දැක්වෙන්නේ.

කමේනිගේ ආරක්ෂක කණ්ඩායම ඔවුන්ගේ මෝටර් රථ නවතා තිබූ ප්‍රදේශය ග්‍රහණය කර ගැනීම සඳහා එක් විශේෂිත කැමරාවක් ස්ථානගත කර ඇති බව ඊශ්‍රායල ආයතන විසින් සොයා ගත් බව Financial Times වෙත මෙම තොරතුරු ලබා දුන් ඊශ්‍රායල බුද්ධි අංශ මූලාශ්‍රයක් සඳහන් කර තිබෙනවා.

කාලයත් සමඟ බුද්ධි අංශ ආරක්ෂකයින්ගේ ලිපින, වැඩ කාලසටහන් සහ ඔවුන්ට ආරක්ෂා කිරීමට පවරා ඇති පුද්ගලයින් පිළිබඳ තොරතුරු රැස් කර තිබෙනවා.

“අපි ජෙරුසලම දන්නා ආකාරයටම ටෙහෙරානය ද දැන සිටියා.” ඊශ්‍රායල බුද්ධි අංශ නිලධාරියෙක් සඳහන් කළ බව එහි දැක්වෙනවා.

ඉරානයේ නායකත්වය සහ ඔවුන්ගේ චලනයන් පිළිබඳව රැස් කරන ලද අතිවිශාල දත්ත පරීක්ෂා කිරීම සඳහා ඊශ්‍රායලය කෘතිම බුද්ධි (AI) මෙවලම් සහ ඇල්ගොරිතම සංවර්ධනය කර ඇති බව ද වාර්තාවෙන් හෙළි කර තිබෙන්නකි.

තවද, ඊශ්‍රායල ආයතන පාස්චර් වීදිය අසල ජංගම දුරකථන කුළුණු සිය ගණනකට බාධා එල්ල කරමින් එම අවස්ථාවේ, දුරකථන පණිවිඩ සංඥා කාර්යබහුල කිරීමට ද සලස්වා තිබුණා. මෙය කමේනිගේ ආරක්ෂක තොරතුරු පිළිබඳ අනතුරු ඇඟවීම් සඳහා තිබූ ඉඩකඩ එමඟින් අවහිර කරනු ලැබූ බවයි සඳහන් වන්නේ.

පෙබරවාරි 28 වන දින ඊශ්‍රායල සහ එක්සත් ජනපද හමුදා විසින් සම්බන්ධීකරණය කරන ලද ප්‍රහාරයකින් කමේනි සහ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් 48 දෙනෙකු මිය ගිය බව වාර්තා වුණා.

Latest News

error: Content is protected !!