ආසියානු පාපන්දු කුසලානය අතරතුර ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම ජාතික ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කරයි

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 2026 AFC කාන්තා ආසියානු පාපන්දු කුසලානයේ ඔවුන්ගේ පළමු තරගය ක්‍රීඩා කළ අවස්ථාවේ ඉරාන කාන්තා කණ්ඩායම ඔවුන්ගේ ජාතික ගීය වාදනය වන අවස්ථාවේ නිහඬව සිටි බව වාර්තා වෙනවා.

එය ඉරාන රජයට එරෙහිව ඔවුන්ගේ විරෝධතාව පෙන්නුම් කිරීමක් විය හැකි බවයි වාර්තා වන්නේ.

දකුණු කොරියාවට එරෙහි තරඟාවලියේ ඔවුන්ගේ ආරම්භක තරඟයට පෙර, ඉරාන ජාතික ගීය පසුබිමේ වාදනය වන විට ඉරාන කාන්තා කණ්ඩායම නිහඬව සිටි බව වාර්තා වුණා.

කෙසේ වෙතත්, කණ්ඩායම හෝ ක්‍රීඩිකාවන් ඔවුන් එසේ කිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.

Latest News

error: Content is protected !!