හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාට අයත් මව්බිම හා Ceylon Today පුවත්පත අද (04) සිට වසා දමා ඇති බව එම පුවත්පත නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මින් ඉදිරියට එම පුවත්පතේ මුද්‍රණය වු පුවත්පත වෙළඳපොළට නොපැමිණෙන අතර එය ඩිජිටල් අවකාශයේ පමණක් ක්‍රියාත්මක වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
කෙසේවෙතත් සතිඅන්ත මවුබිම හා Ceylon Today යන පුවත්පත් දෙක තවදුරටත් මුද්‍රණය කරනු ඇති බවට ද තොරතුරු වාර්තා වෙනවා.
මව්බිම දිනපතා පුවත්පත මුල්වරට වෙළඳපොළට නිකුත් කෙරුණේ 2011 වසරේ නොවැම්බර් මාසයේ දීය.
මව්බිම පුවත්පත ඉදිරිපත් කළ නව මුහුණුවර හේතුවෙන් එම වකවානුවේ එවකට පැවති ප්‍රධාන ධාරාවේ පුවත්පත්වලට පවා අභියෝගයක් වූ පුවත්පතකි. කෙටි කාලයක් තුළ එය වැඩියෙන්ම අලෙවිවන පුවත්පත් අතරට ද එක් වී තිබුණා.
ඒ අනුව වසර 15කට අධික සංඛ්‍යාවක් දිනපතා පුවත්පත් ලෑල්ලට පැමිණි මව්බිම හෙට සිට එහි දැකගත නොහැකි වනු ඇත.
