ඉරානයට එරෙහිව කුර්දි සටන්කරුවන්ට අවි සහාය සැපයීමට ඇමෙරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) විසින් සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කිහිපයක් පෙන්වා දෙනවා.
ඉරානය තුළ ජනවිරෝධතා අවුළුවාලීම හා ඉරාන ආරක්ෂක හමුදාවන්ට රට අභ්‍යන්තරයෙන් පහර දීම් වැඩි කිරීම එහි අරමුණ බවයි සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, CIA සහ එක්සත් ජනපද පරිපාලනය ඉරාන කුර්දි විරෝධතා කණ්ඩායම් හා ඉරාකයේ කුර්දි නායකයින් සමඟ මේ වන විටත් ඒ පිළිබඳ සක්‍රීය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ඉරාන කුර්දි සන්නද්ධ කණ්ඩායම් ඉරාක-ඉරාන දේශසීමාව දිගේ, ප්‍රධාන වශයෙන් ඉරාකයේ කුර්දිස්තාන් කලාපයේ ක්‍රියාත්මක වෙනවා.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුර්දි කණ්ඩායම් අතර නිතර ගැටුම් වාර්තා වන අතර මෙම ප්‍රහාරය ආරම්භයේ සිටම කුර්දි සටන් කණ්ඩායම් ඉරාන හමුදා හෙළා දැකීමට කටයුතු කර තිබෙනවා.
අමෙරිකාව මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් කුර්දි සටන්කරුවන් ඉරානයේ ආරක්ෂක බලකායන්ට එරෙහිව ක්‍රියාත්මක කරවමින් රට අභ්‍යන්තරයේ යුධ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බවයි එම වාර්තා වැඩි දුරටත් පවසන්නේ.
