තලපති විජේ රංගනයෙන් දේශපාලනයට මාරු වෙන අතරේ ඔහුගේ පෞද්ගලික ජීවිතේත් ග්‍රහ මාරුවක් සිද්ධ වෙමින් තියෙන බව පසුගිය දා වාර්තා වුණා.
ඔහුගේ බිරිඳ වන සංගීතා සෝර්නලිංගම් ඔහුට විරුද්ධව චෙංගල්පත්තු පවුල් අධිකරණයේ දික්කසාද නඩුවක් ගොනු කරා කියන පුවත එක්ක විජේගේ පෞද්ගලික ජීවිතය ගැන විශාල අවධානයක් යොමු වෙන්න පටන් ගෙන තිබෙනවා.
සංගීතා මෙම නඩුවේදී සෘජුවම ක්ෂේත්‍රයේ නිළියක සමඟ අනියම් සබඳතාවක් පවත්වන බවට චෝදනා කර ඇති බවයි වාර්තා වුණේ. තලපති විජේගේ පවුල දෙදරායාම ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් තුළ කණස්ල්ලට හේතු වුණා.
ඉතින් මිනිස්සු මේ සම්බන්ධයෙන් කොයි තරම් උනන්දු වුණාද කියනවා නම් විජේගේ පුතා ජේසන් සංජේ Instagram එකෙන් ඔහුව Unfullow කර ඇති බවත් මේ වන විට හොයාගෙන තියෙනවා.
මාධ්‍ය වාර්තා පවසන ආකාරයට විජේගේ පුතා සංජේ ඔහුගේ Instagram ගිණුමේ කීර්තිමත් පුද්ගලයින් 38 දෙනෙකු Fullow කර තිබුණත් ඔහුගේ පියා ඒ ලැයිස්තුවෙන් අතුරුදන් වෙලා කියලා තමයි කියන්නේ. මවට විජේ කළ ද්‍රෝහිකම නිසා පියා සහ පුතා අතර ගැටුමක් ඇති වෙලා ඇති කියලාත් කතාව යනවා.
දික්කසාද පෙත්සම ගොනු කිරීමෙන් දින කිහිපයකට පසුව අප්‍රේල් 20 වන දින පෞද්ගලිකව පෙනී සිටින ලෙස අධිකරණය විජේට නොතීසියක් නිකුත් කර ඇති බව ද වාර්තා වෙනවා.
1999 අගෝස්තු මාසයේදී විවාහ වූ මෙම යුවළට ජේසන් සංජේ සහ දිව්‍යා ශාෂා යන දරුවන් දෙදෙනෙක් සිටී. ජේසන් ‘Pull the Trigger’ සහ ඔහුගේ පියාගේ ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටය වන ‘Vettaikaran’ (2009) ඇතුළු චිත්‍රපට දෙකක් සමඟ සම්බන්ධ වී ඇති බව ද වාර්තා වුණා.
