ළමුන් 300ක් සමඟ පානදුර මුහුදේ අතරමං වූ තවත් ඉරාන නෞකාවක්..

මැද පෙර දිග යුධ ගැටුම් උත්සන්න වෙමින් පවතින වාතාවරණයක ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පැවති ඉරාන යුධ නෞකාවක් ඊයේ (04) ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ගොදුරු වූ අතර මේ වන විට ඉන්දියානු සාගර කලාපය පිළිබඳව ද වැඩි අවධානයක් යොමුව පවතිනවා.

පානදුර මුහුදු සීමාවේ තවත් ඉරාන යුධ නෞකාවක් අතරමං වී ඇති බව වාර්තා වන්නේ එවැනි වාතාවරණයකදීය.

එම ඉරාන නෞකාවේ ළමුන් 300කට ආසන්න පිරිසක් සිටින බවත් ඔවුනට ආහාර හා පානීය ජලය ලබාගැනීමට පැය 24ක කාලයකට ලංකාවේ වරායක් වෙත ලඟා වීමට අවසර දෙන ලෙස කොළඹ ඉරාන තානාපති කාර්යාලය හරහා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඊට මේවන තෙක් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි සඳහන් වන්නේ.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (05) උදෑසන ඉරාන තානාපති කාර්යාලය වෙත ගිය අවස්ථාවේදී එහි නිලධාරීන් මේ පිළිබඳව ඔහුව දැනුම්වත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Latest News

error: Content is protected !!