ඉරානය කේන්ද්‍ර කරගනිමින් මේ වන විට සිදුවන යුද මෙහෙයුම් අතරතුර ඇමරිකාව විසින් LGM-30G Minuteman III නමින් හැඳින්වෙන අන්තර්මහාද්වීපික බැලස්ටික් මිසයිලයක (ICBM) අත්හදා බැලීමක් සිදුකර තිබෙනවා. මෙම මිසයිලය “Doomsday missile” ලෙසයි නම් කර ඇත්තේ.
අත්හදා බැලීම සිදුකර ඇත්තේ එක්සත් ජනපද ගුවන් හමුදා ගෝලීය ප්‍රහාරක විධානය විසින් මාර්තු 3 වැනිදා කැලිෆෝනියාවේ Vandenberg Space හමුඳා කඳවුරේ සිටය.
ඇමෙරිකා ආරක්ෂක අංශ පැවසුවේ මෙම පරීක්ෂණය මේ වන විට පවතින ලෝක යුධ ගැටුම් සඳහා ප්‍රතිචාරයක් නොවන අතර වසර ගණනාවකට පෙර සැලසුම් කළ සාමාන්‍ය පරීක්ෂණයක කොටසක් බවයි.
මෙම පරීක්ෂණයේදී මිසයිලයේ බෝම්බ රහිත පරීක්ෂණ කොටස් ( test re-entry vehicles) දෙකක් කිලෝමීටර් දහස් ගණනක් ගමන් කර මාර්ෂල් දූපත් සමූහයේ Kwajalein Atoll වෙත නියමිත පරිදි ළඟා වූ බව සඳහන් වෙනවා.
Minuteman III මිසයිලය යනු න්‍යෂ්ටික බෝම්බ රැගෙන යා හැකි බැලස්ටික් මිසයිලයකි.
එයට කිලෝමීටර් 13,000 කට අධික දුරක් ගමන් කර ලෝකයේ ඕනෑම ස්ථානයක් පහර දීමේ හැකියාව පවතී.
මිසයිල රැගෙන යා හැකි warheads 3ක් වෙන වෙනම ඉලක්ක වෙත යැවිය හැකි පරිදි මෙම මිසයිලය නිර්මාණය කර ඇති අතර න්‍යෂ්ටික අවි සීමා කිරීමේ ගිවිසුමක් හේතුවෙන් දැනට warhead 1ක් පමණක් භාවිත කරනු ලබන බවයි සඳහන් වන්නේ.
මෙවැනි මිසයිලයක් භාවිත වුවහොත් විශාල න්‍යෂ්ටික විකිරණයක් නිසා පෘථිවියේ විශාල ප්‍රදේශයක් ජීවත් වීමට සුදුසු නොවිය හැකි නිසා මෙම මිසයිලය “Doomsday missile” ලෙස හඳුන්වන බව වාර්තා වෙනවා.
