ක්‍රිකට් පුරාවෘත්තයක් වන සචින් තෙන්ඩුල්කාර් සහ අංජලි තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර් විවාහ දිවියට එළැඹුණා.
ඔහු විවාහ වුණේ ව්‍යාපාරික පවුලකින් පැවත එන සානියා චන්දොක් සමඟයි. මෙම විවාහය ඉන්දියාවේ සුප්‍රසිද්ධ පවුල් දෙකක එකතුව සනිටුහන් කළා. සානියා චන්දොක් යනු ප්‍රසිද්ධ කර්මාන්තකරුවෙකු වන රවී ගයිගේ මිනිබිරියයි.
අර්ජුනගේ විවාහ උත්සවය ක්‍රිකට්, ව්‍යාපාරික සහ බොලිවුඩ් යන ක්ෂේත්‍රවල බොහෝ දෙනෙක්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්වුණ බව තමයි වාර්තා වුණේ.
මුකේෂ් අම්බානි, නීටා අම්බානි සහ ඔවුන්ගේ පුත් ආකාෂ් අම්බානි සහ ලේලිය ශ්ලෝකා මේතා ගේ සිට ඉන්දීය ප්‍රකට ව්‍යාපාරිකයන් රැසක් ඊට සහභාගි වෙලා හිටියා.
බොලිවුඩය පැත්තෙන් බච්චන් පවුලේ සිට ෂාරුක් ඛාන්, අමීර් ඛාන් ඇතුළු ක්ෂේත්‍රයේ දැවැන්තයින් මෙම විවාහයට සහභාගී වුණා.
මේ වන විට වෙන්වෙලා සිටින බවට පුවත් මවන අයිශ්වර්යා හා අභිෂේක් එකටම මෙයට සහභාගී වීමත් කතා බහට ලක්වෙලා තියෙනවා.
