යුද්ධය නිසා ඊශ්‍රායලයේ ආර්ථිකයට සතියකට ඩොලර් බිලියන 3ක පාඩුවක්

ඉරානය සමඟ ඇතිවෙමින් පවතින යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලයේ ආර්ථිකයට විශාල හානි සිදුවෙමින් පවතින බව එරට මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

එරට මුදල් අමාත්‍යාංශයට අනුව, යුද්ධය නිසා සතියකට ඊශ්‍රායල ආර්ථිකයට ෂෙකෙල් බිලියන 9 කට (අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක් පමණ) ආසන්න අලාභයක් සිදුවිය හැකි බව ඇස්තමේන්තු කර ඇති බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක හදිසි තත්ත්වය හේතුවෙන් පාසල් වසා දමීම, සේවකයන්ට රැකියාවට යාම සීමා කිරීම, රක්ෂිත හමුදා කැඳවීම වැනි ක්‍රියාමාර්ග නිසා ව්‍යාපාර සහ සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම් බොහෝ දුරට අඩාල වී තිබෙනවා.

රජය “red alert” ලෙස හඳුන්වන දැඩි සීමා තත්ත්වය පවත්වාගෙන ගියහොත් මෙම අලාභය සතියකට ෂෙකෙල් බිලියන 9.4 දක්වා ඉහළ යා හැකි බවයි එම අමාත්‍යාංශයේ මූලාශ්‍ර පෙන්වා දී තිබෙන්නේ. මේ අනුව “තැඹිලි” හෝ “රතු” වලට වඩා සේවා ස්ථානවල අඩු සීමා සහිත සීමිත ක්‍රියාකාරකම් වෙත මාරු වන ලෙස අමාත්‍යාංශය පෙන්වා දී තිබෙනවා. මෙම තත්වය තුළ, ආර්ථිකයට සතියකට සිදුවන පාඩුව ෂෙකෙල් බිලියන 4.3 ක් වනු ඇති බවයි ඔවුන් පෙන්වා දී තිබෙන්නේ.

මේ අතර, යුද්ධය තවදුරටත් වැඩි වුවහොත් කලාපයේ ආර්ථික යටිතල පහසුකම් සම්පූර්ණයෙන් විනාශ විය හැකි බව ඉරානයේ විප්ලවීය හමුදාව ද අනතුරු අඟවා ඇති බව වාර්තා වෙනවා.

ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ඉරානයට බෝම්බ හෙලීම පෙබරවාරි 28 වැනිදා ආරම්භ කළ අතර ඒ සමඟ ඉරානය ඊශ්‍රායලය සහ මැදපෙරදිග පුරා පළිගැනීමේ ප්‍රහාර රැල්ලක් ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට මැද පෙරදිග කලාපයේ දැඩි ආතතියක් නිර්මාණය වී තිබෙනවා.

Latest News

error: Content is protected !!