මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ බ්‍රිට්නි ස්පියර්ස් අත්අඩංගුවට

ඇමරිකාවේ ප්‍රසිද්ධ පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් මත්පැන් හෝ මත්ද්‍රව්‍යයක් රැගෙන රිය පැදවූ බවට සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

කැලිෆෝනා ප්‍රාන්තයේ Ventura ප්‍රදේශයේ පොලිසිය බදාදා රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

වාර්තා අනුව 44 හැවිරිදි ස්පියර්ස් බදාදා රාත්‍රී 9.28ට අත්අඩංගුවට ගෙන බ්‍රහස්පතින්දා උදෑසන 6.07ට නිදහස් කර ඇති බව සඳහන්ය.

පොලිසිය පවසන්නේ 101 Freeway මාර්ගයේ අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථයක් පිළිබඳ ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි. එම මෝටර් රථය නතර කළ විට ඇය කිසියම් මත්ද්‍රව්‍යයක් ගෙන ඇති බවට සැක පළ වූ නිසා field sobriety test පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ඇය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රසායනික පරීක්ෂණ ප්‍රතිඵල බලාපොරොත්තු වෙමින් පවතින බවද විමර්ශකයින් සඳහන් කර තිබෙනවා.

ඇයගේ නියෝජිතයෙක් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙම සිද්ධිය “අවාසනාවන්ත සහ කිසිසේත් සාධාරණ නොවන දෙයක්” ලෙසයි. ඇය නීතියට අනුව කටයුතු කරමින් අවශ්‍ය උපකාර ලබා ගැනීමට පියවර ගනු ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇය මැයි 4 දින අධිකරණයට ඉදිරිපත් වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!