ඉරානයේ ‘IRIS Bushehr’ නෞකාවේ කාර්යමණ්ඩලය ආරක්ෂිතව කොළඹ වරායට ගෙන එයි

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ ‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊයේ (5) මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්, අදාළ නෞකාවද ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බව පවසා සිටියා.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කරනු ලැබුවේ මෙම නෞකාවේ 208ක කාර්ය මණ්ඩලයක් සිටින බවත්, ඔවුන්ව වැලිසර නාවික හමුදා කඳවුරවෙත රැගෙන යාමට කටයුතු කරන බවත්ය.

ඒ අනුව ඔවුන්ගේ ලියාපදිංචිය, වෛද්‍ය පරීක්ෂණ හා ආහාර වැලිසර නාවික හමුදා කඳවුර වෙතින් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

‘IRIS Bushehr’නෞකා කාර්ය මණ්ඩලයෙන් 53ක් නිලධාරීන් වන අතර, 54ක් කැඩෙට් නිලධාරීන් බව සඳහන්ය.

එමෙන්ම තවත් 48ක ජ්‍යෙෂ්ඨ නාවිකයන්ද හා 23කගෙන් යුත් නාවිකයන් පිරිසක්ද සිටින බවත් සඳහන් වෙනවා.

Latest News

error: Content is protected !!