ජෝසෆ් විජේ චන්ද්‍රසේකර් හෙවත් තලපති විජේ යනු මේ දිනවල මාතෘකාවකි. එක් පසෙකින් ඔහුගේ දේශපාලන ආගමනයත් අනෙක් පසින් ඔහුගේ පුද්ගලික ජීවිතය තුළ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වයත් නිසාය.
පෞද්ගලික ජීවිතය තුළ ඔහුගේ දීර්ඝ කාලීන විවාහය බිඳ වැටීමට නියමිත බවට පෙරනිමිති පහළ වී ඇති අතර ඔහුගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් විසින් ඉන්දීය අධිකරණයක දික්කසාද නඩුවක් ගොනු කර ඇති බව ද වාර්තා වුණා.
එහිදී ඇය වසර ගණනාවක් තිස්සේ ඔහුට ක්ෂේත්‍රයේ නිළියක සමඟ අනියම් සබඳත්වාවක් ඇති බවට චෝදනා කර ඇති බවයි වාර්තා වුණේ. එම චෝදනාවත් සමඟ ලැව් ගින්නක් මෙන් විවිධ කටකතා පැතිර යාමට පටන් ගත් අතර විජේ අනියම් සබඳතාවක් පවත්වනු ලබන නිළිය පිලිබඳව ද බොහෝ දෙනෙක් අතර උනන්දුවක් මතු වුණා.
විජේගේ බිරිඳ සංගීතා විසින් මෙම නඩුව ගොනු කිරීමට පෙර සිටම විවිධ අවස්ථාවල විජේ හා නිළියන් ඈදමින් කටකතා ගෙතුණු අතර එහිදී වැඩියෙන්ම අවධානයට ලක් වුණේ ත්‍රිෂා ක්‍රිෂ්නන්ය. ත්‍රිෂා සමඟ විජේට අනියම් සබඳතාවක් ඇති බව රසිකයින් නිගමනය කර තිබුණේ ද සංගීතා එය පැවසීමට බොහෝ පෙර සිටය.
මෙම සියලු සිදුවීම් අතරතුර එම කටකතා අනාවැකි සියල්ල යථාර්ථයක් බවට සැක පහළ වන සිදුවීමක් ඊයේ (05 බ්‍රහස්පතින්දා) සිදු වුණා. ඒ චෙන්නායි හි පැවති විවාහ මංගල්ලයකට විජේ හා ත්‍රිෂා එකට සහභාගී වීම නිසාය.
විජේගේ බිරිඳ වන සංගීතා සෝර්නලිංගම් දික්කසාද නඩුව ගොනු කළ බවට වාර්තාව පළ වීමෙන් පසු ඔවුන් දෙදෙනා එකට පෙනී සිටි පළමු අවස්ථාව වන්නේ මෙයයි. එම අවස්ථාවේ ඡායාරූප හා වීඩියෝ දර්ශන මතුවීමත් සමඟ ඉන්දීය සමාජ මාධ්‍ය ඇවිස්සී ගියේ දෙබරයට ගල් ගැසූ පරිදිය.
වසර ගණනාවක් පුරා වෙන්වීමේ කටකතාවලට මුල ත්‍රීෂා බව බොහෝ දෙනෙක් එළිපිට කතා කිරීමට දැන් පටන් ගෙන තිබෙනවා. සංගීතා හා විජේගේ විවාහය බිඳ වැටී ඇති බවට මුලින්ම වාර්තා පළ වුණේ 2023 වසරේ දී විජේගේ වරිසු චිත්‍රපටයේ එළිදැක්වීමේ උත්සවය ඇතුළු ඇතැම් වැදගත් සිදුවීම් සඳහා ඇය සහභාගී නොවීමත් සමඟය.
ඒ වන විට, ඇය තම දරුවන් සමඟ නිවාඩුවක් සඳහා එක්සත් ජනපදයේ සිටින බවට වාර්තා පළ වූ අතර, එම කටකතා ද කාලය සමඟ අවසන් වී තිබුණා. කෙසේ වෙතත්, 2025 දී විජේගේ පක්ෂයේ ප්‍රධාන දේශපාලන රැස්වීම් වන තමිලගා වෙට්‍රි කසාගම් ඇතුළු ප්‍රධාන සිදුවීම් කිහිපයකට ඇය අඛණ්ඩව නොපැමිණීම ඔවුන්ගේ විවාහයේ ගැටළු පිළිබඳ කටකතා නැවත වරක් ඉස්මතු කිරීමට හේතුවුණා.
විජේ සහ ත්‍රිෂා දෙමළ සිනමාවේ දිගු වෘත්තීය ඉතිහාසයක් බෙදා ගත් යුවළකි. ඔවුන් මුලින්ම එකට වැඩ කළේ Ghilli චිත්‍රපටයේ වන අතර එය දැවැන්ත වාණිජමය සාර්ථකත්වයක් බවට පත් වූ අතර කොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය චිත්‍රපටවලින් එකක් ලෙස පවතී.
පසුව ඔවුන් Thirupaachi, Aathi සහ Kuruvi වැනි චිත්‍රපටවල ද එකට තිරය බෙදා ගත්තා. වසර 15 ක දිගු පරතරයකින් පසු, ලෝකේෂ් කනගරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද Leo චිත්‍රපටයේ දී ඔවුන් නැවත එක් වුණා. විජේ සහ ත්‍රිෂා දෙමළ සිනමාවේ වඩාත්ම සාර්ථක තිරයේ යුගලයක් ලෙසයි සැලකෙන්නේ. Ghilli සහ Leo වැනි චිත්‍රපට වාර්තාගත බ්ලොක්බස්ටර් බවට පත් වූ ඒවාය.
කෙසේ වෙතත් විජේ සහ ත්‍රිෂා එකම මෝටර් රථයකින් එකට පැමිණ විවාහ මංගල්‍යයට සහභාගී වීම ඔවුන් අතර දිගු කලක් තිස්සේ සබඳතාවක් පවතින බවට කටකතාවලට නැවත පිහාටු ලබා දී ඇති ආකාරයයි දක්නට ලැබෙන්නේ.
