ප්‍රංශයේ මහා අනාවැකිකරු නොස්ට්‍රඩාමස්ගේ අනාවැකිය සැබෑ කරමින් ඉරාන යුද්ධය මාස හතක් ඇදෙන බව හෙළි වේ

ප්‍රංශ සුප්‍රසිද්ධ අනාවැකිකරුවෙකු වන නොස්ට්‍රඩාමස්ගේ මාස හතක යුද අනාවැකිය සැබෑ කරමින් එක්සත් ජනපදය සැප්තැම්බර් දක්වා ඉරානයට එරෙහිව සටන් කිරීමට සූදානම් වන බව වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.

එම වාර්තාවට අනුව පෙන්ටගනය ෆ්ලොරිඩා මූලස්ථානයේ බුද්ධි නිලධාරීන් සංඛ්‍යාව අවම වශයෙන් දින 100 ක් සඳහා ඉරානයේ මෙහෙයුම්වලට සහාය වීමට හැකි වන පරිදි සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව යුද්ධය සැප්තැම්බර් දක්වා පවා දිගු විය හැකි බව එම වාර්තාවේ සඳහන්ය.

මීට පෙර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ ඉරානයේ යුද්ධය සති හතරක් හෝ පහක් පමණක් පවතිනු ඇති බවයි.

කෙසේ වෙතත්, ගැටුම වර්ධනය වී ගල්ෆ් රටවලට පැතිරෙන බැවින් හමුදාව දිගු කාල රාමුවකට සූදානම් වන බවයි එහි දැක්වෙන්නේ.

සෙනසුරාදා (පෙබරවාරි 28) ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට ප්‍රහාරයක් දියත් කළ අතර එමඟින් උත්තරීතර නායක අයතුල්ලා කමේනි ඝාතනය කෙරුණා.

ඉරානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, සෞදි අරාබිය, ඕමානය සහ අසර්බයිජානයට පවා ප්‍රහාර මාලාවක් දියත් කළේ ඉන් අනතුරුවය.

එම ප්‍රහාර ඔස්සේ ඉරානය ගල්ෆ් කලාපයේ රටවල එක්සත් ජනපද කඳවුරු ඉලක්ක කරනු ලැබුවේ යුද්ධය කලාපීය ගැටුමක් බවට පරිවර්තනය කරමින්ය.

ප්‍රංශ මනෝ විද්‍යාඥයකු, වෛද්‍යවරයෙකු, නක්ෂත්‍රකරුවෙකු වන නොස්ට්‍රඩාමස් 1555 දී ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ Les Propheties නම් පොතේ මාස හතක යුද්ධයක් ගැන අනතුරු අඟවා තිබෙනවා.

“මාස හතක මහා යුද්ධයක්, නපුරෙන් මියගිය මිනිසුන්, Rouen හා Evreux යන ප්‍රදේශවලදී රජු පරාජය නොවනු ඇත” යනුවෙන් එහි ඡේදයක සඳහන් වෙනවා.

මෙහි Rouen හා Evreux යනු ප්‍රංශයේ නගර දෙකකි.

යුද්ධය සැප්තැම්බර් දක්වා පැවතුනහොත්, ඔහුගේ අනාවැකිය සැබෑ වනු ඇති බවත් ඔහු පුරෝකථනය කළ පරිදි ලෝකය මාස හතක යුද්ධයක් දකිනු ඇති බවත් පැවසෙනවා.

මේ අතර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය මත ප්‍රහාර ආරම්භ කළේ කොංග්‍රසයෙහි නිල අනුමැතියක් නොමැතිව බවට විවේචන එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකාවේ නීතිය අනුව විශාල යුද ක්‍රියාමාර්ග සඳහා කොංග්‍රස් අනුමැතිය අවශ්‍යය.

එරට පවතින War Powers Resolution නීතියට අනුවද ජනාධිපතිවරයාට යුද්ධයක් ආරම්භ කිරීම හෝ දිගටම කරගෙන යාම සඳහා කොංග්‍රස් අනුමැතිය ලබාගැනීම අවශ්‍ය බව අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව ඉරානයට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට පෙර කොංග්‍රස් අනුමැතිය ලබා ගැනීම සඳහා පසුගිය බදාද ඡන්ද විමසීමක් සිදු කරනු ලැබුවා.

එහෙත් රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සාමාජිකයන් බොහෝ දෙනා එයට විරුද්ධව ඡන්දය ලබා දී ඇති බවයි වාර්තා වුණේ. එහිදී පක්ෂව ඡන්ද 47ක් හා විරුද්ධව ඡන්ද 53ක් ලබා එම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබුණා.

Latest News

error: Content is protected !!