ඊශ්‍රායල ගුවන් හමුදාව සිකුරාදා උදෑසන ඉරානයේ අගනුවර ටෙහෙරානය මධ්‍යයේ පිහිටි භූගත බංකරයකට විශාල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මේ සඳහා ඊශ්‍රායල ප්‍රහාරක යානා 50කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූ බවයි ඊශ්‍රායල ගුවන් හමුදාව සඳහන් කර තිබෙන්නේ.
මෙම බංකරය ඉරානයේ උත්තරීතර නායකයා වූ අයතුල්ලා අලි කමේනි සඳහා ඉදි කළ හදිසි ආරක්ෂිත මධ්‍යස්ථානයක් ලෙස සැලසුම් කර තිබූ බව වාර්තා වෙනවා.
ඊශ්‍රායලය පවසන්නේ මෙම බංකරය ඉරානයේ ඉහළ පෙළේ නායකයින් රැස්වී යුධ සැලසුම් සකස් කිරීම සඳහා භාවිත කළ මධ්‍යස්ථානයක් බවයි.
ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, ටෙහෙරාන නගර මධ්‍යයේ තිබූ මෙම භූගත බංකරය සම්පූර්ණ වීදි කිහිපයක් පුරා පැතිර ගොස් තිබූ විශාල පහසුකමක් බවයි. එහි ඇතුල් වීමට ස්ථාන කිහිපයක් (multiple entry points) සහ ඉරාන පාලන ව්‍යුහයේ උසස් නිලධාරීන් රැස්වී සාකච්ඡා කිරීමට භාවිත කළ කාමර රැසක්ද තිබූ බව සඳහන් කර තිබෙනවා.
මෙම ප්‍රහාරය සිදු කිරීමට පෙර, ඊශ්‍රායල හමුදාව දිගු කාලයක් පුරා බුද්ධි තොරතුරු රැස් කිරීම සහ විශාල පර්යේෂණයක් සිදු කර ඇති බවද වාර්තා වෙනවා.
එම නායකයින් සඳහා වන ආරක්ෂිත සංකීර්ණය (leadership compound) ඉරාන රජයේ ප්‍රධාන හා ඉතා වැදගත් මූලස්ථානයක් ලෙස ක්‍රියා කර තිබූ බවත්, බංකරය විනාශ කිරීමෙන් ඉරාන පාලනයේ හමුදා නියෝග ලබා දීම ඇතුළු පාලන හැකියාව තවදුරටත් බරපතළ ලෙස දුර්වල වී ඇති බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කර තිබෙනවා.
