මැදපෙරදිග පිහිටා ඇති යුධ නැව්, ගුවන් යානා ඇතුළු ඇමරිකානු හමුදා වත්කම් පිහිටීම පිළිබඳව රුසියාව ඉරානයට බුද්ධි තොරතුරු සපයන බව මැද පෙරදිග ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
ආරංචි මාර්ග තුනක් පවසන්නේ, පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ යුද්ධයෙන් පසු සිට මේ දක්වා මෙම සහය ලබාදෙමින් ඇති බවයි.
එක් ආරංචි මාර්ගයක් සඳහන් කරන ආකාරයට මෙය ටෙහෙරානයට ඇමරිකානු හමුදා ඉලක්ක කරගැනීමට උපකාර වන රුසියාවේ පුළුල් උත්සාහයකි.
මෙම සහයෝගය කොපමණ දුරකට ලැබේද යන්න නිශ්චිත නැති නමුත් සටන් ආරම්භ වී සතියකටත් අඩු කාලයකදී එක්සත් ජනපද ස්ථාන නිරීක්ෂණය කිරීමට ඉරානයට ඇති හැකියාව ශීඝ්‍රයෙන් දුර්වල වෙමින් පවතින බවද වාර්තා වෙමින් තිබෙනවා.
රුසියාවට මෙම චෝදනාව එල්ල වන්නේ ඉරිදා කුවේට්හි ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදා හය දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලැබීමෙන් පසුවය.
එක්සත් ජනපද-ඊශ්‍රායල් ඒකාබද්ධ මෙහෙයුම බැලස්ටික් මිසයිල කඳවුරු, නාවික වත්කම් සහ නායක ර්මස්ථාන ඇතුළු ඉරානය තුළ ඉලක්ක 2,000 කට වඩා ප්‍රහාර එල්ල කර තිබියදීත්, ඉරානය ඇමරිකානු හමුදා ස්ථාන වෙත ප්‍රහාරක ඩ්‍රෝන යානා දහස් ගණනක් සහ මිසයිල සිය ගණනක් එල්ල කර ඇති බව ද වාර්තා වෙනවා.
මේ අතර රුසියාව ප්‍රසිද්ධියේ යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලා ඇති අතර, ඔවුන් එය සන්නද්ධ ආක්‍රමණශීලී ක්‍රියාවක් ලෙසයි හඳුන්වා ඇත්තේ.
