යුද්ධය ආරම්භ වී දින 7ක් පමණ ගතවෙද්දී ඉරානයේ යුධ ශක්තිය අඩුවෙමින් පවතින බව අමෙරිකානු දේශපාලන විශ්ලෙෂකයකු වන ඉයන් බ්‍රෙමර් පවසා තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දීය මාධ්‍ය නාලිකාවක් වන NDTV සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
මේ අනුව ඉරාන- ඊශ්‍රායල-අමෙරිකා එක්සත් ජනපද යුද්ධයේ ප්‍රධාන ප්‍රශ්නය වන්නේ එය කොපමණ කාලයක් දිගට යාමට ශක්‍යතාවක් ඇති ද යන්න පිළිබඳව බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඉරානය යුද්ධය ආරම්භ වූ මුල් දිනවලදී ඩ්‍රෝන ප්‍රහාර දැන් නිකුත් නොකරන බවයි ඔහු පවසන්නේ.
ඉරානය සතු බැලස්ටික් මිසයිල සංඛ්‍යාවද මේ වන විට 1000 ටත් වඩා අඩු බවට ඇස්තමේන්තු කළ හැකි බවයි ඔහු පවසා ඇත්තේ.
ඉරානයේ මිසයිල නිකුත් කරන ස්ථාන බොහෝමයක් මේ වන විට විනාශ කර ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.
“නමුත් යුද්ධය අවසන් වෙයි කියන්න බැහැ” ඔහු අවධාරණය කළේ ප්‍රහාර හැකියාව අඩුවීම හේතුවෙන් යුද්ධය අවසන් වෙයි යන්න ප්‍රකාශ කළ නොහැකි බවයි.
ඉරාන මිත්‍ර හමුදා ද මේ වන විට ඉතා දුර්වල මට්ටමක පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
Hezbollah දැනට නිකුත් කර ඇති ප්‍රහාර ඉතා සීමිත බව ඔහු පවසා තිබෙනවා.
පෙර එකවර 40-100 මිසයිල දක්වා ප්‍රහාර එල්ල කළද දැන් ඒවා 6 දක්වා පමණ අඩු වී තිබෙනවා. එමෙන්ම යේමනයේ Houthis තවමත් විශාල ලෙස යුද්ධයට සම්බන්ධ වී නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
