ඊශ්‍රායලය දැවැන්ත ප්‍රහාරයක් නිවේදනය කිරීමෙන් පසු ටෙහෙරාන් ගුවන් තොටුපළේ දැවැන්ත ගින්නක්

ඉරානයට එරෙහිව පුළුල් ප්‍රහාරයක් එල්ල කරන බව ඊශ්‍රායලය පැවසීමෙන් අනතුරුව බටහිර ටෙහෙරානයේ මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිදු වූ පිපිරීමකින් දැවැන්ත ගින්නක් ඇති වී ඇති බව වාර්තා වෙනවා.

සමාජ මාධ්‍යවල බෙදාගත් වීඩියෝවල ඉස්ලාමීය ජනරජයේ කාර්යබහුලම ගුවන්තොටුපළේ දැවෙන ගුවන් යානයක් සහ විශාල දුම් වළලු දැකගත හැකි වූ බවයි වාර්තා වන්නේ.

නව ප්‍රහාර රැල්ලේදී ගුවන් තොටුපළේ කුමන කොටස්වලට බෝම්බ හෙලන ලද්දේද යන්න පැහැදිලි නැති බව සඳහන්ය.

මාර්තු 4 වන දින ඊශ්‍රායලය ටෙහෙරාන් ගුවන් තොටුපළ ඉලක්ක කර ගත් අතර, ප්‍රහාරය ඊශ්‍රායල ගුවන් හමුදාවට තර්ජනයක් වූ ආරක්ෂක සහ හඳුනාගැනීමේ පද්ධති විනාශ කළ බවයි ඊශ්‍රායලය සඳහන් කළේ.

පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය සහ ඊශ්‍රායල හමුදාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු බටහිර ආසියාවේ ගැටුම පුළුල් වීමත් සමඟ මෙය සිදුවෙමින් පවතී.

ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි සහ තවත් ඉහළ පෙළේ ඉරාන නිලධාරීන් කිහිප දෙනෙකුට මෙම ප්‍රහාරවලදී ජීවිත අහිමි වුණා..

මෙම මෙහෙයුම ඇමරිකා එක්සත් ජනපදය විසින් ‘Epic Fury’ ලෙසත් ඊශ්‍රායලය ‘Lion’s Roar’ ලෙසත් නම් කරනු ලැබුවා.

Latest News

error: Content is protected !!