ඉරාන පාලන තන්ත්‍රය තුළ බල අරගලයක්…

ඉරානයේ උත්තරීතර නායකයා වූ අයතුල්ලා අලි කමේනි ඇමෙරිකා–ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් මිය ගිය බවට බවට වාර්තා වීමෙන් සතියකට පසු, ඉරානයේ දැඩි පාලනයක් ක්‍රියාත්මක වන බල ව්‍යුහය තුළ අභ්‍යන්තර බෙදීම් රැසක් මතුවෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් නායකත්වය දරන ඉරාන රජය තුළ දැඩි මතවාදී කණ්ඩායම් සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති අනුගමනය කරන පාර්ශව අතර ඇති වූ මතභේදයන් කමේනිගේ පාලනය යටතේ පවා පැවතුණු අතර එම මතභේදයන් මේ වන විට පැහැදිලිවම මතු වී ඇති බව වාර්තා වෙනවා.

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් “අසල්වැසි ගල්ෆ් රටවල් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල නොකරන බව” ප්‍රකාශ කිරීමෙන් පසු දැඩි මතවාදී කණ්ඩායම්වලින් දැඩි විවේචන එල්ල වී වන්නට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු එම ප්‍රකාශය කරන අතරතුර අසල්වැසි රටවල්වලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් කණගාටුව පළ කළද, ඉරාන හමුදා බලවේග සහ දැඩි මතවාදී නායකයින් එයට විරෝධය පළ කර තිබෙනවා.

එම ප්‍රකාශය විශේෂයෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකබලකායේ (IRGC) නායකයන් අතර කෝපයක් ඇති කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඉරානයේ නායකත්වයට සමීප මූලාශ්‍ර අනුව, රටේ නායකයින් අතර ආතතිය වැඩි වෙමින් ඇති බවත්, නව උත්තරීතර නායකයා පත් කිරීම සම්බන්ධයෙන් ගැටලු මතු වී ඇති බවයි සඳහන් වන්නේ.

විශේෂඥයන් සඳහන් කරන්නේ දැඩි මතවාදී කණ්ඩායම් අලි කමේනි ඝාතනයට විරුද්ධව පළිගැනීමක් ඉල්ලා සිටින අතර, මධ්‍යස්ථ පාර්ශවයන් තවදුරටත් රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සෙවීමට උත්සාහ කරමින් සිටින බවයි.

මේ අතර ඉරානයේ ඉහළ ආරක්ෂක නිලධාරියෙකු වන අලි ලැරිජානි දේශපාලන නායකත්වය තුළ බෙදීම් ඇති බවට ඇති වාර්තා ප්‍රතික්ෂේප කරමින් සියලු බලවේග එක් කිරීමට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වී තිබෙනවා.

Latest News

error: Content is protected !!