ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට ගරු කරන බවට අමෙරිකාවෙන් ප්‍රකාශයක්…

ඉරාන යුධ නෞකාවක් වන IRIS Bushehr සහ එහි කාර්ය මණ්ඩලය සම්බන්ධ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට ගරු කරන බව එක්සත් ජනපදය පවසා තිබෙනවා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ නෞකාව, එහි කාර්ය මණ්ඩලය සහ බේරාගත් ඉරාන නාවිකයින් පිළිබඳ අවසාන තීරණය ශ්‍රී ලංකාව සතු බවත්, එය රටේ දේශීය නීති සහ ජාත්‍යන්තර නීතිමය බැඳීම්වලට අනුකූලව බවත්ය.

ශ්‍රී ලංකාව දැනට ඉරාන IRIS Dena නෞකාවේ නාවිකයින් 32 දෙනෙකු රටේ ජාත්‍යන්තර ගිවිසුම් බැඳීම් යටතේ රැකබලා ගන්නා බව නවදිල්ලියේ පැවති සමුළුවේදී විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසීමෙන් අනතුරුව එක්සත් ජනපදය මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉකුත් සතියේ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් IRIS Dena නෞකාව වෙත ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව යෙදවූ අතර මළ සිරුරු 84ක් සොයා ගත් බවයි වාර්තා වුණේ.

Latest News

error: Content is protected !!