ඉරාන උත්තරීතර නායකයා තෝරා අවසන්..

ඉරාන උත්තරීතර නායකයා තෝරනු ලබන විශේෂඥ මණ්ඩලය (Assembly of Experts) විසින් ඉරාන උත්තරීතර නායකයා තෝරාගෙන ඇති බව වාර්තා වී තිබෙනවා.

එහෙත් තෝරාගත් පුද්ගලයාගේ නම තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.

88 දෙනෙකුගෙන් සමන්විත එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ආගමික නායකයෙකු වන අයතුල්ලා අහමද් අලාම් අල් හෝදා (Ayatollah Ahmad Alam al-Hoda) පවසා ඇත්තේ නව නායකයා තෝරාගැනීම සඳහා ඡන්ද විමසීම සිදු කර අවසන් කර ඇති බවයි.

ඔහු මේ බව සඳහන් කළේ අර්ධ රාජ්‍ය මාධ්‍යයක් වන Mehr ප්‍රවෘත්ති ඒජන්සිය වෙතයි. ඔහු පවසන ආකාරයට විශේෂඥ මණ්ඩලය තවමත් තීරණයක් ගෙන නොමැති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව සඳහන් වෙනවා.

අල්-හෝදා වැඩිදුරටත් පවසා ඇත්තේ දැන් එම තීරණය නිල වශයෙන් ප්‍රකාශ කිරීම අයතුල්ලා හොසේනි බුෂේරි (Ayatollah Hosseini Bushehri) නායකත්වය දරන මණ්ඩලයේ ලේකම් කාර්යාලයට අයත් බවයි.

එම මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු වන අයතුල්ලා හෙයිදාරි (Ayatollah Heidari) ද ප්‍රකාශ කර ඇත්තේ, මණ්ඩලයේ බහුතරය අනුමත කළ “හොඳම” විකල්ප පුද්ගලයා නව නායකයා ලෙස තෝරාගෙන ඇති බවයි.

එම ප්‍රකාශය Iranian Students’ ප්‍රවෘත්ති ඒජන්සිය ද වාර්තා කර තිබුණා.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ, “තේරී ඇති පුද්ගලයාගේ නම ‘මහා සතුරා’ ලෙස ඔවුන් හඳුන්වන රටකින් පවා සඳහන් කර ඇති බවකි.

ඉරාන දැඩිවාදී ආගමික නායකයන් සාමාන්‍යයෙන් “මහා සතුරා” ලෙස සලකන්නේ අමෙරිකාවය.

මෙම සතියේ ආරම්භයේදී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරානයේ උත්තරීතර නායකයා වූ අලි කමේනිගේ පුත්‍රයා වන මොජ්ටබා කමේනි ඔහුගේ තනතුරට පත්වීම පිළිගත නොහැකි බවයි.

Latest News

error: Content is protected !!